පද්ධතිය ස්ථාවර කරගන්න බෑ, අද (13) සිට තාවකාලිකව සූර්ය පැනල අක්‍රිය කරන්න – විදුලිබල මණ්ඩලය ඉල්ලයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවිකර ඇති සූර්ය පැනල අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව අද (අප්‍රේල් 13) සිට ලබන 21 වනදා තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙසයි විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එසේ නොවුවහොත් අර්ධ වශයෙන් විදුලිය ඇනහිටීම් හෝ රටපුරා විදුලිය විසන්ධි වීමේ අවදානමක් ද පවතින බවයි එම මණ්ඩලය සිය නිවේදනයෙහි සඳහන් කර ඇත්තේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ලංවිම මාධ්‍ය ප්‍රකාශක, කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...