පද්ධතිය ස්ථාවර කරගන්න බෑ, අද (13) සිට තාවකාලිකව සූර්ය පැනල අක්‍රිය කරන්න – විදුලිබල මණ්ඩලය ඉල්ලයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවිකර ඇති සූර්ය පැනල අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව අද (අප්‍රේල් 13) සිට ලබන 21 වනදා තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙසයි විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එසේ නොවුවහොත් අර්ධ වශයෙන් විදුලිය ඇනහිටීම් හෝ රටපුරා විදුලිය විසන්ධි වීමේ අවදානමක් ද පවතින බවයි එම මණ්ඩලය සිය නිවේදනයෙහි සඳහන් කර ඇත්තේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ලංවිම මාධ්‍ය ප්‍රකාශක, කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...