අපි බඩුමලු බෙදද්දී මැතිවරණ කොමිසම ඒක නවත්තපු එක අසාධාරණයි. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ – ඇමති සමන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම රජය රුපියල් 5000ක බඩු මල්ලක් සහන මිලට පවුල් අට ලක්ෂයට බෙදාහැරීමට සැලසුම් කර තිබුණු නමුත් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී එය නවත්වා දැමූ බවත් මැතිවරණ කොමිෂන් සභාවේ එම ක්‍රියාව අසාධාරණ බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“මෙච්චර දුර්වල විපක්ෂයක් අපේ රටේ ඉතිහාසයේ නම් තිබුණෙ නෑ. ඇනකොටා ගන්න තත්වයට පත්වෙලා. අඹරපු මිරිස් තමයි ඔය ඵලදෙන්නේ. ඒවාට ඉතින් අපට කොරන්න දෙයක් නෑ. අපි අර රුපියල් 5000ක බඩු මල්ල 800,000 කට දෙන්න සැලසුම් කළා. මේකට පැමිණිලි කළා මැතිවරණ කොමිසමට. අන්තිමට මැතිවරණ කොමිසම තීන්දුවක් ගත්තා, මේ බඩු මල්ල දෙන එක නැවැත්තුවා. දැන් ටිකක් දීගත්තා, දීගන්න බැරිවුණා. දැන් මේක හරි අසාධාරණයි කියලා අපි කියන්නෙ. අපේක්ෂකයො බෙදනවා නම් නවත්වන එක කමක් නෑ. රාජ්‍ය ආයතනවලින් මිනිස්සුන්ට දෙන සුබසාධනයක්නෙ. ඉතින් අවුරුද්දට දෙන එක අවුරුද්දට දෙන්න එපැයි. මැයි 06න් පස්සෙ දීලා වැඩක්නෑ නෙ ? එතකොට දැන් විපක්ෂය මිනිහෙකුට කන්න දෙන එකවත් දෙන්න ඉඩතියන්නෙ නෑ”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) බදුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...