ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් !

මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී වුවද ලැබී ඇති වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයයි.

මීට පෙර 2018 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 677.7ක මුදලක් වාර්තා වී තිබුණා. මෙවර ලැබී ඇති මුදල එම ප්‍රමාණය ඉක්මවා යනවා. කෙසේ වුවත්, වසරේ පළමු මාස තුනම සැලකූ විට, මෙවර ලැබී තිබෙන ඩොලර් මිලියන 1,814.4ක මුදල 2018 පළමු මාස තුනේදී ලැබුණු ඩොලර් මිලියන 1,978.6ක මුදලට මෙන්ම ආර්ථික අර්බුදයට පෙර 2021 පළමු මාස තුනේදී ලැබුණු ඩොලර් මිලියන 1,867.1ක මුදලටද වඩා අඩුයි.

ඉහළ ගිය ශ්‍රමික ප්‍රේෂණ වල උදවුවෙන් මාර්තු මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 401.9ක මුදලක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව තිබෙනවා. අපනයන ආදායම් පිළිබඳව දැනට ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙමින් තිබීම සුබදායී තත්ත්වයක්.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...