නිශ්මං රණසිංහ අප්‍රේල් 13 කොළඹ LNW :
මෙවර රිට්ස්බරි පාසල් සහය දිවීමේ සූරතාවය නිමාවට පත් වූයේ අලුත් වෙනස්කම් සඳහා පාසල් මලල ක්‍රීඩා කේෂ්ත්‍රයට පමණක් නොව සමස්ත පාසල් ක්‍රිඩා කේෂ්ත්‍රයටම ආරාධනා කරමින්.ක්‍රීඩාව යම් තරගකාරී මට්ටමක පිළිගැනීමකට සහ වානිජමය වශයෙන් වන ආක්‍රමණයකට නතුව තිබෙන බවට උදාහරණ රැසක් මෙවර පාසල් සහය දිවීමේ සැණකෙළිය තුළ වාර්තා වුණා.එහි පළමුවන අවස්ථාව හැටියට පාසල්වලින් ක්‍රීඩකයින් ඩැහැ ගැනීමේ කාරණය මුලට පැමිණියා.

පෞද්ගලිකව මා වඩාත් හොඳ තැනකට සහ විශ්වසනීය තැනකට දරුවාව වෙනස් කිරීමට දෙමව්පියන්ට හැකියාව තිබිය යුතුය යන කාරණය මා විශ්වාස කරනවා.එහෙත් එ් තුළින් සමස්ත පාසලකම ක්‍රීඩාව නියෝජනයට ඇති අවස්ථාව අහිමි වේ නම්,ඒ කාරණය ගැන දෙවරක් නොව කිහිප විටක්ම සිතිය යුතුව තිබෙනවා.මෙවර ක්‍රීඩා උළෙලේ ඇතැම් පාසල්වල ඇති දුෂ්කරතා ඉවසාගෙන නිර්මාණය කළ අති සීමිත දක්ෂයන් එකා දෙන්නා වෙනත් පාසල් උගුල්ලාගෙන යාම නිසා එම පාසල්වලට ඇතැම් වයස් කාණ්ඩවල සහය දිවීමේ සූරතාවය නියෝජනයට හෝ අවස්ථාවක් ලැබුණේ නැහැ.
ඌව ප්‍රදේශයේ මායිමකට වන්නට පිහිටි කුඩා පාසලක රගර් දක්ෂයන්ට කොළඹ පාසලක ඉඩ වෙන්වීම සහ ඒ කොළඹ පාසල තව දුරටත් දක්ෂයන් සොයා ගෙන රගර් ක්‍රීඩාව එම පාසල තුළ පවත්වාගෙන යාමට භෞතිකය ආධාර උපකාර කරපු අවස්ථාවක් වරක් දැක ගන්නට ලැබුණා.ඒ අවස්ථාවේ යම් සාධණීය තත්ත්වයක් දැකිය හැකියි.එහෙත් ඉහත වාර්තා වුණ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ බිත්තරය ගෙන කිකිළිය මරා දැමීමයි.
එසේම කිසිවෙකුත් විශ්වාස නොකළ ආකාරයට තවත් අතකින් මෑත කාලයේ මලල ක්‍රීඩාවේ ආධිපත්‍යය තහවුරු කර ගනිමින් සිටි වත්තල ලයිසියම් විද්‍යාලීය පිරිමි මලල ක්‍රීඩා කණ්ඩායමේ යම් හැකිලීමක් දකින්නට ලැබුණා.ඒ සඳහා පාසල් මුහුණ දීමට සූදානම්ව වැඩ කිරීම නිසා වූවක් ද යන්න හොඳින් සිතා බැලිය යුතුව තිබෙනවා.
ලංකාවේ පාසල් මට්ටමේ රජයෙන් සකසා ඇති වැඩ පිළිවෙල ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා පාසල් වෙනවා.ඒ පාසල්වල නේවාසික පහසුකම් සහිතව ක්‍රීඩකයාව පෝෂණය කරනවා.අද ක්‍රීඩා පාසල්වලින් පිට වුණ විශාල පිරිසක් ශාරිරික අභ්‍යාස ගුරුවරු සහ පාසල් පුහුණුකරුවන් වශයෙන් ද කටයුතු කරන නිසා එහි අධ්‍යාපනික පසුබිම ගැන ද අයහපත් ලෙස සිතන්නට ඉඩ නැහැ.
කෙසේ නමුත් මේ ආකෘතියට ජාත්‍යන්තර පාසල්වලට අභියෝග කරන්නට හැකි වී තිබෙන්නේ ජාතික ක්‍රීඩා පාසල් පද්ධතියට වඩා ජාත්‍යන්තර පාසල්වල ක්‍රීඩා පද්ධතිය තුළ ඇති භෞතික පහසුකම් ශක්තිමත් නිසයි.ඔවුන් නේවාසිකව අවස්ථාව දෙන ආකාරයටම ඇතැම් දරුවන්ට නිවසේ සිටම ප්‍රවාහන පහසුකම් ද ලබා දෙනවා.අමතර ඉගැන්වීම් සඳහා පෞද්ගලික විද්‍යාලීය ගුරුවරු කැප වී සිටින්නේ ඒ රාජකාරියේ කොටසක් ලෙස පත්වීමෙන්ම බැදී සිටින නිසයි.එසේම පාවහන් යුගලයේ සිටම බොහෝ දේ ලබා ගැනීමට දක්ෂ ක්‍රීඩකයාට පූර්ණ වශයෙන් නොවන ලෙස හෝ ජාත්‍යන්තර පාසලෙන් උපකාර ලැබෙනවා.
මීට රාජ්‍යයට අභියෝග කිරීම පහසු නැහැ.ඒ වගේම එවැනි දරුවන් බොහෝ විට පාසල් ක්‍රීඩා ගුරුවරයා හෝ පාසල් පුහුණුකරුවා නොවන,ක්‍රීඩාවේ ක්‍රීඩක දක්ෂතා සහ පුහුණුකරු දක්ෂතා මඟින් පුහුණුකරුවෙකු ලෙස ඇගයීමට පාත්‍ර වූ කොටස් සමඟ කටයුතු කරන අයුරු දැකිය හැකියි.මේ ක්‍රමයම ක්‍රීඩා පාසල්වලට අභියෝග කරන පාසල්ද අනුගමනය කරනවා.බොහෝ විට ඉදිරියට ක්‍රීඩා පාසල්වලටද දොඩම් ගොඩ බදා ගත් ආකාරයට නොසිට ඇතැම් ඉසව් සඳහා විශේෂ දක්ෂතා ඇති පුහුණුකරුවන්ව යොදා ගන්නට සිඳුවිය හැකියි.එතැනදී එන ගැටළුව වන්නේ එම පාසල්වලට එවැනි ආර්ථික ශක්තියක් තිබේද යන්නයි.එම ක්‍රමයට අභියෝග කරන පාසල්වලට ක්‍රීඩා පාසල්වලට නොමැති ආර්ථික ශක්තියක් තිබෙන බව පැහැදිළියි.
කෙසේ නමුත් මේ තත්ත්වයන් යටතෙ රජයේ ක්‍රීඩා පාසලකට ඇතුළත් නොවන ඕනෑම ශිෂ්‍යයෙකු වසර දෙකක් (එක වසරක් සිටිය පාසල වෙනුවෙන් ක්‍රීඩා කරවීමට ඔහුව ඇතුළත් කර ගන්නා පාසල භාර ගත යුතුයි.) නව පාසලේ සිටිය යුතුයි යන තීරණය වැදගත් වෙනු ඇත.එහෙත් සාමාන්‍ය පෙළ සමත් වූ අයෙකුට ඒ ගැටළුව දෙවන වර පෙනී සිටීමට වෙන පාසලක් සොයා ගැනීම ද දක්වා ලිහිල් කළ යුතුය.මස් රාත්තලම කිසිවෙකු අපේක්ෂා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී වැදගත්ම දේ ලෙස තේරුම් ගත යුතු වන්නේ රජයේ පාසල්වලට භෞතිකව නඩත්තු විමට ඇති නොහැකියාව සහ රාජ්‍ය දුප්පත්කමය.ඒ පාසල් වැඩිපුරම ග්‍රාමීය වශයෙන් තිබෙන අතර එයින් තව දුරටත් පැහැදිළි වන්නේ සම්පත් බෙදී යාමේ විෂමතාවයය.එසේම ඒ අතර කොළම නාගරික ප්‍රදේශවල පාසල් ඊටත් පහළ මට්ටමෙන් ක්‍රියාත්මක වන බව ද තේරුම් ගත යුතුය.
මේ මතුවෙමින් තිබෙන්නේ ක්‍රීඩකයෙක් පාසලකින් පාසලකට මාරු වීමේ විරෝධයක් නොවන බව පැහැදිළි කර ගැනිම වැදගත්ය.එහි ඇත්තේ දේශපාලනික කාර්යයක්ය.සම්පත් බෙදී යාමේ විෂමතාවය ඉන් පළමු වැන්නය.එයට විසඳුම් සෙවීමේ දීර්ඝ උත්සාහයට ප්‍රථම රාජ්‍යයට අදාළව පාසල් ක්‍රීඩාව රැක ගැනීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් ප්‍රතිවාදියා බිත්තියට තියා හිර කිරීමට යාමට වඩා නම්‍යශීලි තීරණයන්ට යොමුවීම වැදගත්ය.එහිදී වසරක් සිය පාසලේ නඩත්තුව දෙමින් ක්‍රීඩකයා රැක ගැනීම සඳහා කුමන හෝ පාසලක් ඉදිරිපත් වේනම් එය හැදින්විය හැක්කේ ක්‍රීඩාවට දක්වන ආදරය සහ කැපවීමේ සංඛේතයක් හැටියටය.එහිදී සිය පාසලේ නොමැතිව වෙනත් පාසලක සිට ඒ පාසලට ක්‍රීඩා නොකර පෙර පාසලටම ක්‍රීඩා කරන්නට බැඳෙන ක්‍රීඩකයාටද පෙර සිටිය පාසලෙන් අසාධාරණයක් සිඳුවන්නට දිය නොහැකිය.ඔහුගේ ක්‍රීඩාව එම පාසලේ නියෝජනයක් ලෙස ඉදිරිපත් කිරීමට සියලු පහසුකම් සපුරා දිය යුතුය.
ප්‍රශ්න රැසක් ඇති බව පෙන්වමින් දිය සිසිල පෙන්වමින් යට ගින්දර මතු නොවී ක්‍රියාත්මක වූ සහය දිවීමේ සැණකෙළිය නිමා වී ඇත.මේ අර්බූද සහ ගැටළු අනුග්‍රාහකයන්ද මන්දෝතසාහී කරන සුළුය.දක්ෂයන් සියල්ලට පිටියට බැසීමට අවස්ථාව නොලැබීම ද ඇත්ත තත්ත්වයය.මේ නිසා ප්‍රමාදයකින් තොරව අධ්‍යාපන අමාත්‍යංශය මේ සඳහා අවශ්‍යය පහසුකම් ස්ථාපිත කළ යුතුය.එසේ නොවුණහොත් උදාහරණයකට මේ මොහොතේ ජනප්‍රියම ග්‍රාමීය පාසල වන තඹුත්තේගම වැනි පාසලකට පාසල් ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂයන් අඛණ්ඩව රැක ගන්නට වැඩ පිළිවෙක් ක්‍රියාත්මක කරන්නට නොහැකි වනු ඇත.
එසේ කියා තඹුත්තේගම ලංකාවේ ඉහළම භෞතික සම්පත් ඇති පාසලක තත්ත්වයට ගෙන ඒමේ සිහිනය සහිතව ක්‍රියාත්මකවිම මිස එම පාසල් වත්මන් තඹුත්තේගම පාසල තත්ත්වයට පත් කරන්නට යාම ද නොකළ යුතුය.නැවත නැවතත් කියන්නට ඇත්තේ කිසිවෙතුට මස් රාත්තලම නොලැබෙන ක්‍රීඩාකයා ආරක්ෂා වෙන විසඳුමකට ක්‍රීඩාව වෙනුවෙන් ඇති ආදරය සහ කැප කීරීම පරික්ෂාවට ලක් කෙරෙන විසඳුමකට යා යුතු බවය.
පහත දැක්වෙන්නේ තරගාවලියේ සමස්ත සූරතා සම්බන්ධ ප්‍රතිපල සටහනය.
12න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 3 වන ස්ථානය –
කාන්තා විද්‍යාලය – කොළඹ 8 – ලකුණු 08
12න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 2 වන ස්ථානය –
ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමය – කොළඹ 13 – ලකුණු 10
12න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 1 වන ස්ථානය –
ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – කොළඹ 7 – ලකුණු 15
12න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 3 වන ස්ථානය –
මාරිස් ස්ටෙලා විද්‍යාලය – මීගමුව – ලකුණු 10
12න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 2 වන ස්ථානය –
ක්‍රිස්තු රජ විද්‍යාලය – ජා-ඇල – ලකුණු 14
12න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 1 වන ස්ථානය –
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය – ලකුණු 15
14න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 3 වන ස්ථානය –
ශුද්ධ පවුලේ කන්‍යාරාමය – බම්බලපිටිය – ලකුණු 13
14න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 2 වන ස්ථානය –
සුජාතා විද්‍යාලය – මාතර – ලකුණු 22
14න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 1 වන ස්ථානය –
කොතලාවල මහා විද්‍යාලය – ලකුණු 23
අවුරුදු 14 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 3 වන ස්ථානය –
රාජකීය විද්‍යාලය – කොළඹ ලකුණු 17
අවුරුදු 14 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 2 වන ස්ථානය –
මාරිස් ස්ටෙල් විද්‍යාලය – මීගමුව ලකුණු 19
අවුරුදු 14 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 1 වන ස්ථානය
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කොළඹ ලකුණු 30
අවුරුදු 16 න් පහළ ගැහැණු සහය දිවීමේ තරගය 3 වන ස්ථානය –
ධර්මපාල විද්‍යාලය – පන්නිපිටිය ලකුණු 22
අවුරුදු 16 න් පහළ ගැහැණු සහය දිවීමේ තරගය 2 වන ස්ථානය –
ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල ලකුණු 25
අවුරුදු 16 න් පහළ ගැහැණු සහය දිවීමේ තරගය 1 වන ස්ථානය –
එස් රත්නායක මධ්‍ය මහා විද්‍යාලය – වලල ලකුණු 42
අවුරුදු 16 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 3 වන ස්ථානය
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කොළඹ ලකුණු 13 18
අවුරුදු 16 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 2 වන ස්ථානය
ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව ලකුණු 25
අවුරුදු 16 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 1 වන ස්ථානය
මාරිස් ස්ටෙල් විද්‍යාලය – මීගමුව ලකුණු 35
අවුරුදු 18 න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 3 වන ස්ථානය
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – බම්බලපිටිය ලකුණු 20
අවුරුදු 18 න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 2 වන ස්ථානය
ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල ලකුණු 44
අවුරුදු 18 න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 1 වන ස්ථානය
ඒ රත්නායක විද්‍යාලය – වලල ලකුණු 46
අවුරුදු 18 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 3 වන ස්ථානය –
ඒ රත්නායක විද්‍යාලය – වලල ලකුණු 23
අවුරුදු 18 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 2 වන ස්ථානය –
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කොළඹ ලකුණු 13 32
අවුරුදු 18 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය 1 වන ස්ථානය –
ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව ලකුණු 50
අවුරුදු 20 න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 3 වන ස්ථානය –
ගේට්වේ ජාත්‍යන්තර පාසල – කොළඹ ලකුණු 24
අවුරුදු 20 න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 2 වන ස්ථානය –
ඒ රත්නායක මධ්‍යම විද්‍යාලය ලකුණු 28
අවුරුදු 20 න් පහළ බාලිකා සහය දිවීමේ තරගය 1 වන ස්ථානය –
ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල ලකුණු 57
අවුරුදු 20 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය තෙවන ස්ථානය –
ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර ලකුණු 19
අවුරුදු 20 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය දෙවන ස්ථානය –
මාරිස් ස්ටෙලා විද්‍යාලය – මීගමුව ලකුණු 21
අවුරුදු 20 න් පහළ පිරිමි සහය දිවීමේ තරගය පළමු ස්ථානය –
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කොළඹ ලකුණු 13
සමස්ත ගැහැණු 5 වන ස්ථානය –
ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – කොළඹ ලකුණු 26
සමස්ත ගැහැණු 4 වන ස්ථානය
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – බම්බලපිටිය ලකුණු 35
සමස්ත ගැහැණු දෙවන අනු සූරතාවය –
ධර්මපාල විද්‍යාලය – පන්නිපිටිය ලකුණු 37
සමස්ත ගැහැණු අනු සූරතාවය ස්ථානය –
ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 116
සමස්ත ගැහැණු ශූරතාවය –
ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය – වත්තල ලකුණු 130
සමස්ත පිරිමි 5 වන ස්ථානය –
ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර ලකුණු 30
සමස්ත පිරිමි 4 වන ස්ථානය –
ඒ රත්නායක විද්‍යාලය – වලල ලකුණු 44
සමස්ත පිරිමි දෙවන අනු සූරතාවය –
ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව ලකුණු 81
සමස්ත පිරිමි අනු සූරතාවය –
මාරිස් ස්ටෙලා විද්‍යාලය – මීගමුව ලකුණු 103
සමස්ත පිරිමි ශූරතාව
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කොළඹ ලකුණු 13
ලකුණු 155
