*
Tuesday, April 15, 2025
spot_img

Latest Posts

සිංහල අවුරුද්ද ගැන දත් නොදත් දේ….

රෂිකා හෙන්නායක අප්‍රේල් 13 කොළඹ LNW :

සූර්යයා මීන රශියේ සිට මේෂ රාශි ගතවන සංක්‍රාන්ති අවස්ථාව අවුරුදු උදාව ලෙස සැලැකේ. සිංහල පැය 16ක් පෙර සහ පසු කාලය මෙම සංක්‍රාන්ති ශුලය ලෙස ඡ්‍යොතිෂයේ දැක්වේ. ඉංග්‍රීසි පැයවලින් එය පැය 12යි මිනිත්තු 48කි. මෙම සංක්‍රාන්ති කාලයේ නැකැත් නැති බැවින් මෙම කාලසීමාව තුළ කිසිදු සුබ කාර්යයක් නොකළ යුතු බැවින් නොනගතය ලෙස එම කාල සීමාව හඳුන්වනු ලබයි. පුණ්‍ය කටයුතු සඳහා මෙම කාලය යොදා ගැනේ.

ඈත අතීතයේ පටන්ම සිංහල අවුරුද්ද මෙරට ජනතාව ජාතික උත්සවයක් සේ සැමැරූහ. ශක කුමරු රජු ලෙස අභිසෙස් ලද දිනයේ පටන් මෙම උත්සවය පැවැත්වෙන බව පැරැණි අදහසක් වෙයි. එනම් සූර්ය දිව්‍ය රාජ තෙම මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වූ දායි. මෙම ශක රජු ඡ්‍යෝතිෂයට ඉතාම ලැදිව ක්‍රියාත්මක වූවෙක් බවත් එයට නිබඳව රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් බවත්, නැකැත් අනුව චාරිත්‍ර පැවැත්වීමට ශක රාජ්‍ය අනුග්‍රහය අවුරුදු උත්සවයට ලැබුණු බවත් පිළිගැනේ.

අවුරුදු උළෙලේ දී නැකැත් අනුව නැකැතට මුල්තැන දී කටයුතු කිරීමට වගබලා ගත්තේ සුබ නැකැත් මඟින් සාර්ථක ප්‍රතිඵල අත්විදිය හැකි බැවිනි. එකම මොහොතක රට වැසි සියල්ලන් එකාවන්ව එකතුව අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමෙන් ඔවුනොවුන් අතර, බැඳීමක් එකමුතු බවක් ඇතිවේ.

නැකැත් මුල් කොට ගනිමින් පවත්වනු ලබන අලුත් අවුුරුද්දේ විශේෂ ස්ථානයක් ගනු ලබන්නේ ලිප ගිනි මෙළවීමේ නැකතයි. ඊට අමතරව නව සඳ බැලීම, පරණ අවුරුද්දට ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ලිපගිනි මෙළවීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම ආදි නැකැත් හිමි චාරිත්‍ර රාශියකි.

මේ සියල්ල අතර, වඩාත් වැදගත්ම නැකත ලිප ගිනි මෙළවීමේ නැකතයි. නිශ්චිත කාලයක් තුළ එකම මොහොතක මුළු රටම ආහාර පිසීමේ චාරිත්‍රය ඉටු කරයි. අලුත් අවුරුදු දා නැකතට ලිප ගිනි මෙළවීම සෑම නිවෙසකටම අතිශය වැදගත් අවස්ථාවක් වෙයි.

ලිපගිනි මෙළවීම ඈත අතීතයේ සිටම මහත් භක්තියෙන් යුතුව සිදුකළ චාරිත්‍රයකි. සූර්ය දිව්‍ය රාජයාණෝ පසුගිය වසරේ සිදු කළ තම කාර්යයන් නිමා කර තම වැඩ කටයුතු යළිත් ඇරැඹීම මෙදින සිදුවන බව විශ්වාස කෙරේ. නවතාවයකින් යුතුව ජීවිතයට මුහුණදීමට එනිසාම ජනතාව පුරුදු පුහුණු විය.

ලිප ගිනි මෙළවීමේදී බොහෝ විට සැම නිවෙසකම පාහේ මෙතෙක් පරිහරණය කරන ලද ලිපට නවතාවයක් එක් කරනු ලබයි. පැරැණි ලිප ගොම මැටි ගා පිරිසුදු කිරීම සිදුුකරයි. ඉන්පසු වැඩ අත්හැරීමේදී ලිපට විරාමයක් ලබා දෙන්නේ චාරිත්‍ර වාරිත්‍ර අකුරට පිළිපදිමිනි. ආහාර පිසීම සඳහා ලිප ගිනි මෙළවීමේ නැකැත උදාවන විටම ගෘහිණිය ඒ සඳහා පෙරමුණ ගනු ලබයි. මෙදින තම නිවෙස සියලු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරේවා. සෑම දිනකම ලිප ගිනි දැල්වේවා! යන උතුම් පැතුම ඇතිව ගෘහිණිය තම ලිප දල්වමින් ආහාර සැකසීමට කටයුතු කරනු ලබයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan