ලොරි රථයක තිබී කිලෝ 100කට අධික මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 13 කොළඹ LNW :

තංගල්ලල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු විසින් සැකකටයුතු ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී , තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වරායට ඇතුළු වන දොරටුව ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සන්තකව සිටි ලොරි රථ රියදුරෙකු සහ රිය සහයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී අදාළ ලොරි රථයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 65යි ග්‍රෑම් 720ක්, හෙරොයින් කිලෝ 52යි ග්‍රෑම් 280ක් හා සැටලයිට් දුරකථන දෙකක් සොයාගෙන තිබෙන අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 සහ 35 වයස්වල පසුවන පැපිලිවෙල සහ ගුන්නෑපාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ලොරි රථය නතර කිරීමේදී එහි සිටි සැකකරුවෙකු පලා ගොස් ඇති අතර තංගල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. තවද, නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදු තීරයේදී සෝදිසි කරන ලද බහුදින ධීවර යාත්‍රාවක තීබී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 42යි ග්‍රෑම් 334ක් සහ හෙරොයින් කිලෝ 77යි ග්‍රෑම් 484ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 50ත් අතර වයස්වල පසුවන දෙවිනුවර සහ වලස්ගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, මත්ද්‍රව්‍ය සහිත බහුදින යාත්‍රාව දික්ඕවිට – බටහිර කොළඹ වරාය තීරයට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...