නිශ්මං රණසිංහ අප්‍රේල් 13 කොළඹ LNW :
රගරබ් පරිපාලනයේ දැනට ව්‍යවස්ථානුකූලව බලය ඇති පිරිස් ව්‍යවස්ථාමය වෙනස්ක අවශ්‍යය වන්නේනම් ඊට එකග බවත්,එම කරුණු ලෝක රග්බි සංගමය සමඟ සාකච්ඡා කර තමන්ට විසඳාගත හැකි බවත් අවස්ථා ගණනකදි පැවසුවත්,නිලවරණය නොපැවත්වීම නිසා හිටපු අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද පරිපාලනයේ සභාපති ද සහයට තබා ගෙන හිටපු අමාත්‍යවරුන්ටත් වඩා අන්ත විදිහට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පූර්ණ ආශිර්වාදය ඇතුව වත්මන් රගර් ව්‍යවස්ථාවෙන් බලය ඇති පිරිසට පිටින් නව ව්‍යවස්ථාවක් සකස් කර රගර් ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයා උත්සාහ ගමින් සිටියි.
අමාත්‍යවරයා සිටින්නේ විශාල බොරුවක පැටලී හෝ ඊටත් වඩා දරුණු බලපෑමකට යටත්ව විය හැකිය.ඔහු පවසන්නේ A ක්‍රිඩා සමාජවලට පළාත් සංගම් තුළ බලයක් නැති බවය. A ක්‍රීඩා සමාජ ඇත්තේ මහනුවර සහ කොළඹ පමණය. අනෙක් පළාත්වල රගර් ව්‍යාප්තිය ඇති කිරීමට වැදගත්ම සේවාව කරන්නේ පළාත් සංගම්ය.ඒ අය A ක්‍රීඩා සමාජවලට පළාත් මට්ටමේ රගර්වලට සාත්තු කරමින් යම් කිසි ආකාරයකට ක්‍රීඩකයින් යොමු කරමින් ද සිටින්නේය.
අනිත් අතට අමාත්‍යවරයාම පාර්ලිමේන්තුවේදි කියූ පරිදි පවුම් 50000 දඩය ගැසූ මොහොතේ සිටියේ A ක්‍රීඩා සමාජවල නිලධාරීන්ය.එහිදී පත් කරගෙන සිටි ප්‍රධාන විධායක නිලධාරියා අද අමාත්‍යවරයා පත් කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිය.ආද ආසියාවේ සිට ඇමති සහ අධ්‍යක්ෂ ජෙනරාල් සමඟ එකට ඉදගෙන සිටින ප්‍රභූවරයා එම පවුම් 50000 සිඳුව්මේ සභාපතිවරයා ය.එසේනම් එම සිඳුවීමෙන් වූ හානිය නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුව ඇත්ලේ දේශපාලනිකව පහරක් ගසන්නට මිස වත්මන් ඇමතිවරයාට වැඩක් නැත.නාමල්ලාගේ රගර් හැසිර වූ පිරිසම දමා ගෙන ප්‍රාදේශීය වශයෙන් රගර්වලට සිඳු වන හානිය නොසළකා කටයුුතු කරගෙන යමින් සිටින්නේය.
හමුදා නිලධාරියෙකු වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ඔහුගේ මැසිරීම් සම්බන්ධයෙන් වන විවේචනනලට පය පස්සට ගන්න කැමති නැත.අමාත්‍යවරයාද ඒ වර්ගයේම අයෙක්ය.කිසිවෙක් පෙන්වා දෙක කරුණු පිළිගෙන වෙනස් වන්නට ගියහොත් තමන්ගේ අමාත්‍ය පෞරුෂයට හානියක් වේ යැයි හීනමානයක් ඔහුටත් ඇත.දැන් මේ දෙබාන පවුම් 50000 සිඳුවිමට අදාළව රටේ ආගමන විගමන නීතිය උල්ළංඝණය කිරීමට මූලිකත්වය ගත් සහ එම දඩය ලංකාවේ රගර් සංවර්ධනයට එන මුදලින් අඩු කර ගෙවෙන්නට එකඟතාවය පළ කළ පුද්ගලයන් රොඳ බැඳ ශ්‍රී ලංකා රගර් ව්‍යවස්ථාවෙන් ඔවුන්ට ඇති විය හැකි විරෝධතා ද අඩු කරමින් සිටින්නේය.
මේ එකඟතාවයට හේතුව එය විවේචනය කරන පුද්ගලයන්ට එකඟ නොවී තමන් මාර පොරවල් කියා පෙන්වීමය.එහෙත් එයින් වෙන්නේ රගර් ක්‍රීඩාවේ අනාගතය මාරයාට භාරදීමේ වගකීම සිඳු කළ පිරිස හැටියට සහ ඊට මූලිකත්වය ගත් පිරිස හැටියට මේ අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉතිහාසගත වීමය.
මෙහිදී නිලවරණය පැවත්වීමට බාධාවක් ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන කරුණු නිවැරදි නැත.ඒ සම්බන්ධයෙන් ඌව පළාත් රගර් සංගමයේ සභාපති ඩෙන්සිල් ඩාර්ලින් පවසන කතාවන් නිවැරදිය.නිලවරණය සම්බන්ධයෙන් නඩුවක් පැවතියේ මහාධිකරණයේ ය.එම නඩුව පාදක කරගෙන නිලවරණය කල් දමා නැත.අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම කල්දැමීම සිඳු කරන්නේ ආසියානු සභාපතිගේ මැදිහත්වීම මතය.
අධිකරණ එකඟතාවයක් ඇතුව නිලවරණය පැවත්විමට එකඟ වී තිබියදී ආසියානු සභාපතිගේ කීමට නිලවරණය අවලංගු කිරීමේ මෙරට පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නඩු පවරා ඇත.තමන් ගත් ක්‍රියා මාර්ගයක් නිසා අධිකරණයට අපහාස වීමක් වී යැයි අධිකරණය මඟින් කෙරෙන පරීක්ෂණයට තනිව අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබියදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එයට අමාත්‍යවරයා,අමාත්‍යංශය,නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඈදා ගෙන රට පටලවන්නේ මේ නිලවරණය පසු කිරීමට සහ කිසියම් ක්‍රමයකින් නිලවරණයට පෙර නව රගර් ව්‍යස්ථාවක් ස්ථාපිත කිරීමටය.
මේ අමාත්‍යවරයාට සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පවුම් 50000 ක දඩ ගැසුව,මිලියන 55 ක ණය පිළිබඳව විධිමත් ගිණුම් වාර්තා ලබා දී නැති පිරිස් සමඟ එකට හිද ගැනීමට අපුලක් හෝ අවුලක් නැත.ඒ අයගෙන් රගර් මුදවා ගෙන පෙරට රැඟෙන යන්නට හැදූ අය,ඒ සම්බන්ධයෙන් ආසියාවට පවා සෘජුව කතා කරමින් රටේ රගර් වෙනුවෙන් අභියෝග කිරීමේ පාර්ශවය වැරදිකරුවන් ලෙස දකින්නේය.
ඇමතිවරයාම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ පවුම් 50000 දඩය ගැන කතාවේදී ඉඟි කළේ නාමල්ලාගේ දේශපාලන උවමනාව මත හැසිරුණ සුවච කීකරු නිලධාරින් විසින් බේබිලාගේ ආසාව ඉටු කරන්නට යාමෙන් මේ ප්‍රශ්නය උද්ගත වූ බවය.ඇත්තටම දේශපාලකයෝ එවැන්නන්ට කැමති බව දැන් යළිත් ඔප්පු වෙමින් ඇත.සෘජුව වැඩ කිරීම රුස්සන්නේ නැත.
මේ ඔප්පු වෙමින් පවතින්නේ සහ ඔප්පු කරමින් ඇත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කියන පරිදි නිලවරණය පැවත්වීම නඩුවක් නිසා පමාවීමක් නොවේය.මේ රගර් ව්‍යවස්ථාව එහි වත්මන් ව්‍යවස්ථාපිත බලය ඇති පිරිසගෙන් දුරස්තව තබාගෙන සංශෝධනය කිරීමේ පහත් උවමනාව ඉටු කර ගැනීම සඳහා කල් මැරීමය.
එක දෙයක් කිව යුතුය.රටක නීතිමය තත්ත්වයන්ට සහ ක්‍රීඩා ප්‍රතිපත්තිවලට බලපෑම් කළ හැකි සීමාවන්ට රගර් ව්‍යවස්ථාව වෙනස් කිරිමේ ආසියාවේ උවමනාව හෝ ලෝක රගර් උවමනාව වැටෙන්නේ නැත.එයට ශ්‍රී ලංකා රගර් පවතින ව්‍යවස්ථාව අතුළෙ බලයට පත්වන සංගමයකට සාකච්ඡා කරන්නට ඉඩ නොදී,ලංකාවෙන් දඩුවම් නොලැබු නිසා ආසියාවේ සහ ලෝකයේ බලව ඇල්ලූ කිහිප දෙනෙක්ට ඕනි පරිදි ලංකාවේ රගර් ඒ අනුව නැටවීමේ දේශපාලන කොන්ත්‍රාත්තුව අතට ගෙන සිටින්නේ අමාතයවරයාය.එය ඉටු කිරීමේ වගකීම අමාත්‍යවරයා ඒමටත් පෙර භාරගෙන රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ කාලයේ සිට මෙහෙයවන්නේ අධ්‍යක්ෂ නෙරාල්වරයාය.
මේ හැසිරිම ඒ සම්බන්ධ විවේචකයින්ට රිදවීම සඳහා වැරදිකරුවන් නිදහස් කිරීම සඳහා වන ළමාවිය සංවර්ධනය නොවුණු මෙහෙයවීමක්ය.ඒ අනුව මේ මොහොතේ ඒ වෙනුවෙන් පෙනී සිටින දේශපාලනය සහ නිලධාරීත්වය, තමන්වත් නොදැන අනුන්ගේ උවමනාවන් වෙනුවෙන් වැඩ කෙරෙන බිමක සිටුවා තිබේ.නොවැඩුණු මනසට ඒ බව තේරෙන්නේ නැත.
