PTA අහෝසි කිරීම පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර ඇති බව ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

ඒ, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතුව ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මූලික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානයක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වා ඇති අතර එහිදී එහිදි මෙම කමිටුව පත් කර ඇත.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

නව පනත ගෝලීය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණදිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර අන්තර් ජාතික වශයෙන් පිළිගන්නා මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර ඇති මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් කඩ නොවන අකාරයේ පනතක් විය යුතු බව හර්ෂණ නානයක්කාර අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

පත් කර ඇති මෙම නව කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාල කරුණු සාක්ෂාත් කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීමට මෙන්ම අන්තර් ජාතික ආයතන හා ප්‍රජාවන්ගේ අදහස් ලබා ගැනීමට ද නියමිත බවයි ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...