නව වසරේ හෝ ආණ්ඩුව හරි ට්‍රැක් එකට වැටීමේ ජාතික අවශ්‍යතාව

Date:

අශෝක ජයතුංග Eකොලම

අප්‍රේල් 13 වොෂින්ටන් LNW :


🍎මෝදිට වෙනදා නොලැබුණු ලෙස මල්ල පිරෙන්නම තෑගි..?
🍎ලංකාව නොදුටු ඉන්දියාව ලියූ ආරක්ෂක ගිවිසුම…..?
🍎අවි ගබඩාවක් හා අවි කම්හලක් ලංකාවේ ඇති කිරීම?
🍎රනිල් අනුරට දුන් කොචොක් එක….?
🍎දෝහියා විජේවීර ද ඔහුගේ ස්ථාවර ඉන්දියාවට පාවාදුන් අනුර ද….?
🍎ඉන්දියාවට එරෙහිව ජවිපෙ වැනසූ ජීවිත 67,000 හා රටේ දේපළ වලට අද වගකියන්නේ කවුද….?
🍎ඩොලර් මිලි 20 ක රටක් බාරගත් බවට පච කියා පචවීම…..?
🍎 අනුන්ගේ වැඩ වලින් ලකුණු දමාගන්නට යාම……?
🍎නාමල්ට ඉන්දියාවෙන් ඇරයුම්.
🍎ඉන්දියාවේ ඊලග චොයිස් එක කවුද…..?
🍎මෝදිට රනිල් ලා රාජපක්ෂලා හමුවීම ලංකාවේදී වැළැක්වුවද මෝදි ඉන්දියාවේ දී නාමල් හමුවීම…..?
🍎රනිල් මෝදි දුරකතනයෙන් හමුවෙයි..?
🍎ගුවනින් යාමට බිය දුරුවන තෙක් පසුගාමී වන නායකයා…..?
🍎වෙන අය කරපු ශීතාගාරෙට ලුනු කම්හලට සුලං හා සෝලා වලට වගේම මාළිමාව සුවසැරිය ගිලන් රථවලටත් ලකුණු දාගන්න බැරි නෑ….!

මෝදි ගේ සංචාරයෙන් ඉන්දියාවට වෙනදා නොලැබුණු ලෙස මල්ල පිරෙන්නම පුරවා දී ඇති බවත් ලංකා ජනමාධ්‍ය වලට එම කටයුතු වසන් කළේ මාළිමාවට සගවන්නට විශාල දෙයක් තිබූ නිසා බව ලංකාවේ ඉංග්‍රිසි පුවත්පතක් කතුවැකියෙන් කියා තිබිණ.

මෝදි අනුරපුර ගුවන්තොට ජාත්‍යන්තර කරගෙන ලංකාවෙන් පිටවයාම ගැන අදහස් පළකල රනිල් කීවේ අමුතු කතාවකි.
මහින්ද එයාගෙ ගමට මත්තල ගුවන්තොට හැදුවා. අනුරට එහෙම හයියක් නැති නිසා ගමේ ගුවන් තොට එක දවසකට ජාත්‍යන්තර කළා ” රනිල් කීවේ උපහාසයෙනි.
ඉන්දියාව මග හැර ලංකාවට යා නොහැක්කකි. මාළිමාව එය තේරුම් ගත්තා සේ නව වසරේ හරි ට්‍රැක් එකට වැටීම ද දැඩි අවශ්‍යතාවකි. එදා ඉන්දියානු ව්‍යාප්ත වාදයෙන් ජවිපෙ තරුණයන් මුසපත් කරමින් තරුණ ජීවිත 67,000 ක් හා වසර 20 කින් රට ආපස්සට ගෙනයන ව්‍යසනය දියත් කළ ද දැන්වත් නිසි මග යාමේ වගකීම ඔවුන් සතුය. ඉන්දියාව සමග ඇති කරගැනීමට ගිය වෙළෙද හා සෙසු ගිවිසුම් වලට එරෙහිවී ජනතාව වීදි බැස්සවු අනුර හා ජවිපෙ අද රනිල් ලා කරන්නට හැදු ඒ සියලු දේ ඒ අයුරින්ම ක්‍රියා කිරීම ජවිපෙ යථාර්තය තේරුම් ගැනීමකි.

එහෙත් රනිල් ලා හෝ එකග නොවූ ආරක්ෂක ගිවිසුමකට අනුරගේ අතකරකවා අත්සන් කරවා ගන්නට ඉන්දියාව ක්‍රියා කළ බව පුබුදු ජයගොඩ හා පෙරටුගාමීන් ප්‍රමුඛ කණ්ඩායම් රැසකගේ චෝදනාවය. එම ගිවිසුම ඉන්දියව විසින් ලියා සුළු සංශෝධන වලට එකගව අත්සන් කළ බවත් ගිවිසුම ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් හා ආණ්ඩුවේ 159 න් බහුතරයක් නොදැන සිටී බවට නැගෙන චෝදනාව බරපතලය. ඒ හරහා ඉන්දියානු දැවැන්ත අවි ගබඩාවක් හා අවි කම්හලක් ලංකාවේ ස්ථාපිතවීමට නියමිත බව කියවේ.
“ලෝකය අද යන්නේ දත්ත මතයි. රනිල් ඉන්දියාවට ඩිජිටල් හැදුනුම්පත ලබාදීමෙන් අපේ දත්ත ඉන්දියාවට යාම ජාතික ආරක්ෂාවට විශාල තර්ජණයක්” අනුර එදා මරහඬ දුන්නේය. එහෙත් එම ගිවිසුම ද ඒ අයුරින්ම අත්සන් කිරීමෙන් පෙනී යන්නේ ජවිපෙ බලය ලබා ගැනීම සදහාම රට රවටා ඉන්දියානු විරෝදයක් මැවූ බව ය. එදා විරුද්ධවූ තෙල් නල හා විදුලි රැහැන් වලට ද ජවිපෙ අද පක්ෂවී ගිවිසුම් ගසා තිබේ.
“එදා විජේවීර කළ වැඩේ හෝ අද අනුර කරන වැඩේ ඉතා වැරදියි. සැබෑ දෝහියා කවුද. ජීවිත 67,000 ට හා රටේ දේපොළ වලට වගකියන්නේ කවුද. ඒ භීෂණය ඇතිකළ අය ජීවිත බේරාගෙන දැන් ලොකු තනතුරු දරනවා. නැතිනම් පිටරටයි” වෛද්‍ය රාජිත මතුකළේ දැවැන්ත තර්කයකි.
“අපි බාරගන්න කොට රටේ භාණ්ඩාගාරය බින්දුවේ” ජනපති අනුර වරෙක කීවේය.
“භාණ්ඩාගාරෙ තිබුණෙ ඩො මිලි 20 යි.තෙල් ගන්න බැරිව නැව් පාවෙමින් තිබුණා. අපි රට ප්‍රකෘති කළා” සිහින මුදල් ඇමති හදුනෙත්ති කීවේය.
“බාරගන්න කොට ඩො මිලි 20 යි තිබුණේ. දැන් ඩො බිලි 06 පැනලා. අම්මපා….අප්පොඩි ගහනවා මදි” ගාල්ලේදී මඩ නැතුවම හාන හෑවගේ කීය.
“සංචිත වල ඇත්ත මොකද්ද. අනුන්ගේ ලමයින්ට උප්පැන්න දෙනවාද” ජනමාධ්‍ය ප්‍රශ්න කළේ වෛද්‍ය නලින්ද ගෙනි.
“අපි බාරගන්න කොට ඩො බිලි 5.99ක් තිබුණා. දැන් ඒක 6.51 යි” ඔහුට ඇත්තම කියන්නට සිදුවිය. මාළිමාව බාරගත් පසු IMF වෙතින් ලැබුණ ණය සමග මිස මාළිමාව කළ දෙයක් නිසා සංචිත ඉහළ නොගිය බවට ද තර්ක පවතී. එය පැහැදිලි කිරීම ආණ්ඩුවේ වැඩකි.
“එදා ජවිපෙ විරුද්ධවූ සාම්පූර් බලාගාරයට මෝදි අනුර එක්ව මුල්ගල තැබීමද වීරවංශ හා රමේශ් පතිරණ තැනූ ලුනු කර්මාන්තය ට හදුන්නෙත්ති ලකුණු දමා ගැනීමට ගිය අලකලංචියත් අමුතුය .
මෙ ටොන් 5000 ක් ගබඩා කිරීමට රනිල් මෛත්‍රී යහපාලනය හා ආචාර්ය හර්ෂලා ඇරඹු වැඩ පිළිවෙල ද මාළිමාව විවෘත කළේය.
“හර්ෂගෙ ශීතාගාරෙයි මගේ සුලං හා සෝලා ව්‍යාපෘතියි මාළිමාව ලේබල් ගහගන්නවා. සුවසැරිය ගිලන් රථත් එයාලගෙ කිව්වොත් පුදුම වෙන්නෙ නෑ” අජිත් පී. කීවේ මාළිමාවේ කරටියෙන්ම යන්නටය.

“නැගී එන භාරතය” සමුළුවට විපක්ෂ නායක සජිත් මගහැර නාමල්ට ආරාධනා ලැබිණ. ඔහු එම සංවාදයේදී ලකුණු දමාගත්තේය. අනුර ඉන්දියාවට කැදවා ඔහු ජනපති කරන්නට පසුබිම හැදු අයුරින් ඊලග ඉලක්කය නාමල් දැයි දන්නේ නැත. රාජපක්ෂලා හා රනිල්ලා මෝදි හමුවීම මාළිමාව නැවැත්තුව ද මෝදි ඉන්දියාවේදී නාමල් හමුවිය. මෝදි රනිල් ට ඇමතුම්දී සංවාදයක් කළේ ද ඒ අතරය. ගුවනින් යාමට සජිත් දක්වන බිය ඔහුට මහා අවාසියක් වනු නියතය.
“කයිවාරුව විතරයි. රට ගොඩ ගන්න කිසිම වැඩ පිළිවෙලක් මාළිමාවට නෑ” සජිත් පුත්තලමේ දී වැටෙන්නම දුන්නේය.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...