මෙරරට චීන සහය අඛණ්ඩව!

රෂිකා හෙන්නායක අප්‍රේල් 13, කොළඹ LNW :

අකුරණ බානාගල චීන භාෂා මධ්‍යස්ථානය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සිදුකෙරුණි.

එහිදී, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී උපකාර කිරීමට චීනය නිරන්තරයෙන් බලාපොරොත්තු වන බව එම අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා පවසා ඇත.

එහදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා,

“ඔබ හැමෝම දන්නවා චීනය සහ ශ්‍රී ලංකාව වසර 2000ක පටන් සමීප සබඳතා පවත්වන කල්‍යාණ මිත්‍ර රටවල් දෙකක්. ලාංකිකයින් මුහුණදෙන ඕනෑම දුෂ්කරතාවයකදී චීනය මුලින්ම ඉදිරිපත්වෙලා ඒ තත්ත්වයෙන් ගොඩ එන්න උදවු කරනවා.වත්මන් යුදමය තත්ත්වයත් එක්ක ලාංකිකයින්ට ඉන්ධන හිඟයක් ඇතිවුණත් විශ්වාසයි චීනය තමයි මුලින්ම ඉන්ධන විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න ඉදිරිපත් වුණ රට. දිට්වා කුණාටු සමයේදීත් විනාශ වූ පාලම් වැනි දෑ ඉදිකිරීම් සිදුකරලා චීනය සහයෝගය ලබාදුන්නා. ඒ වගේම චීනය බලාපොරොත්තු වෙනවා ලාංකිකයින්ට නිරන්තරයෙන් උදව් උපකාර කරන්න.”