*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” වැඩසටහනින් ඉකිරිගොල්ලෑව අන්නූර් පාසලට පරිත්‍යාගයක්

“සක්වළ” සුහුරු පන්ති කාමර 30 වැනි අදියර ඊයේ (12) දිනයේදී රබෑව ඉකිරිගොල්ලෑව අන්නූර් ජාතික පාසලේදී සිසු අයිතියට පත්කෙරිණි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, මෙරට සතලිස් තුන්ලක්ෂයක් වූ පාසල් දූ දරුවන්ට නිල ඇදුම් සහ දිවා ආහාරය නොමිලේ ලබාදුන්නේ, ඔවුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මිස වෙන කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවන බවයි.

එම සංකල්පය ඉදිරියට ගෙන යමින් තමන්ද විපක්ෂ නායකවරයා ලෙස බලයක් නොමැතිව අවස්ථාවේදී පවා “සක්වළ” වැඩසටහන හරහා සුහුරු පන්ති කාමර උපකරණ සහ ප්‍රවාහන පහසුකම් සඳහා බස්රථ ලබා දෙන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙය හුදෙක්ම මෙරට පාසල් දූදරුවන්ට නව ලෝකය හා ගණුදෙනු කිරීමට මූලික අඩිතාලම සැසසීමක් බවද, ලොව සෙසු රටවල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන ආයෝජන සමග සැසදීමේදී අප රටක් ලෙස අධ්‍යාපනයට යොදන අවධානය ප්‍රමාණවත් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan