සජිත්ගේ “සක්වල” වැඩසටහනින් ඉකිරිගොල්ලෑව අන්නූර් පාසලට පරිත්‍යාගයක්

“සක්වළ” සුහුරු පන්ති කාමර 30 වැනි අදියර ඊයේ (12) දිනයේදී රබෑව ඉකිරිගොල්ලෑව අන්නූර් ජාතික පාසලේදී සිසු අයිතියට පත්කෙරිණි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, මෙරට සතලිස් තුන්ලක්ෂයක් වූ පාසල් දූ දරුවන්ට නිල ඇදුම් සහ දිවා ආහාරය නොමිලේ ලබාදුන්නේ, ඔවුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මිස වෙන කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවන බවයි.

එම සංකල්පය ඉදිරියට ගෙන යමින් තමන්ද විපක්ෂ නායකවරයා ලෙස බලයක් නොමැතිව අවස්ථාවේදී පවා “සක්වළ” වැඩසටහන හරහා සුහුරු පන්ති කාමර උපකරණ සහ ප්‍රවාහන පහසුකම් සඳහා බස්රථ ලබා දෙන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙය හුදෙක්ම මෙරට පාසල් දූදරුවන්ට නව ලෝකය හා ගණුදෙනු කිරීමට මූලික අඩිතාලම සැසසීමක් බවද, ලොව සෙසු රටවල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන ආයෝජන සමග සැසදීමේදී අප රටක් ලෙස අධ්‍යාපනයට යොදන අවධානය ප්‍රමාණවත් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...