ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරවල මිල අඩුකර තිබියදීත් දේශීය බිත්තර මිල යළිත් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
පසුගිය මාසය වනවිට රුපියල් 40 – 45 දක්වා අඩුවී තිබුණු දේශීය බිත්තයක මිල අවුරුදු සමයේදී රුපියල් 52 – 60 දක්වා පරාසයකට ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.
අවුරුදු සමයේදී පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් ආනයනික බිත්තරයක මිල රුපියල් 42 සිට 36 දක්වා අඩුකිරීමට ලංකා සතොස ආයතනය පසුගිය දිනවල පියවර ගෙන තිබිණි. ඒ ඔස්සේ දේශීය බිත්තර මිල අඩුවෙනු ඇති බව වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළත් සිදුව ඇත්තේ යළි දේශීය බිත්තර මිල ඉහළ යාමකි.
RN