*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

මොදී සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි;රැකියා උත්පාදනයට, සංවර්ධනයට මුල් තැන

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එළඹෙන අප්‍රේල් මස 19වන දින පැවැත්වීමට නියමිත ඉන්දීය ජාතික මැතිවරණයට පෙර අගමැති නරේන්ද්‍ර මොදී පිටු 76 කින් යුත් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද(14)දිනයේදී එලි දක්වා ඇති බව වාර්තා වේ.

එහි තමා තෙවැනි වරටත් ජයග්‍රහණය කළහොත් රැකියා උත්පාදනය කිරීමට, යටිතල පහසුකම් නැංවීමට සහ සුබසාධන වැඩසටහන් පුළුල් කිරීමට භාරතීය ජනතා පක්ෂය (BJP)නායකයා ලෙස නරේන්ද්‍ර මොදී සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා පොරොන්දු වී තිබේ.

නවදිල්ලියේ BJP මූලස්ථානයේදී, Modi’s Guarantee නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කිරීමෙන් පසු මෝදි පවසා තිබුණේ, අපගේ අවධානය ජීවිතයේ ගෞරවය කෙරෙහි බවත්, ජීවන තත්ත්වය කෙරෙහි බවත්, අපගේ අවධානය ආයෝජනය හරහා රැකියා උත්පාදනය කිරීම කෙරෙහි වන බවත්ය.

මොදිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු අතර ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 3.7 සිට 2027 වන විට ඩොලර් ට්‍රිලියන 5 දක්වා පුළුල් කිරීම, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගෙන් රට නිදහස ලබා වසර 100 ක් සමරන 2047 වන විට ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම, වයස අවුරුදු 70 ට වැඩි සියලුම ඉන්දියානුවන් දැනට පවතින නිදහස් සෞඛ්‍ය රක්‍ෂණ වැඩසටහනක් යටතට ගෙන ඒම, නිවාසවල ඉවුම් පිහුම් සඳහා ගෑස් නල ක්‍රමයක් හඳුන්වා දීම, හින්දු ආගම හෝ ඉස්ලාම් යන දෙකෙන් එකක් ගැන සඳහන් නොකළ නමුත් එය “ක්ෂණික දික්කසාදයේ” “ම්ලේච්ඡ” භාවිතයෙන් කාන්තාව ආරක්ෂා කිරීම මෙන්ම පොදු සිවිල් කේතයක් හඳුන්වා දීමට පොරොන්දු වූ අතර එය ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතියේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් තීරණාත්මක පියවරක් ගැනීම ඒ අතර ප්‍රධාන වේ.

අනෙකුත් පොරොන්දු අතරට ගොවිතැන් නොකරන කුඩා හා ක්ෂුද්‍ර ණය ගැතියන් සඳහා වන ණය සීමාව ඉහළ නැංවීම, තවත් මිලියන 30ක් දුප්පතුන්ට නොමිලේ නිවාස පිරිනැමීම, 2029 දක්වා ඉන්දියානුවන් මිලියන 800ක් සඳහා නොමිලේ ධාන්‍ය වැඩසටහනක් පවත්වාගෙන යාම ඇතුළත් වේ.

කෙසේ වෙතත්, පසුගිය සතියේ Lokniti-CSDS විසින් කරන ලද සමීක්ෂණයකට අනුව විරැකියාව, උද්ධමනය සහ ග්‍රාමීය දුක්ඛිත තත්ත්වය ඡන්දදායකයින් අතර අවධානයට ලක්වන ගැටළු ලෙස පවතින බවයි. ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 19 ක ඡන්දදායකයින් 10,000 න් සියයට 27 ක මූලික අවධානය විරැකියාව බවත්, රටේ ශක්තිමත් ආර්ථිකය තිබියදීත් ඉහළ යන මිළ ගණන් බවත් හඳුනා ගැනිණි.

මෙම ගැටළු විසඳීම මෝදිගේ විශාලතම අභියෝගය වනු ඇති අතර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දක්වමින් මොදී සඳහන් කර තිබුණේ, “මම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ බිලියන 1.4 ක ජනතාව ඉදිරියේ තබන්නේ ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටයි. කරුණාකර අපට ආශීර්වාද කරන්න … අපගේ ශක්තිය වැඩි කිරීමට … මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කර සංවර්ධිත ඉන්දියාවක් සහතික කරන්න’ යනුවෙනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan