ශිෂ්ටත්වයේ අරගල බිමට අශිෂ්ටත්වයේ මර්දනය දිගු නොකරනු ! – සජිත්ගෙන් නිවේදනයක්

ආණ්ඩුව තමන්ට හුරු පුරුදු ජාතිවාදය,ආගම්වාදය, අන්තවාදය,නමැති හලාහල විෂ යොදා අරගලකරුවන් සහ අරගලබිම අපවිත්‍ර කිරීමට සියලු කටයුතු යොදමින් සිටින බවත් තමන් එය පිලිකුලෙන් යුතුව හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව පක්ෂ පාට ජාති ආගම් භේද නොසලකා දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගී සිටින විට ආණ්ඩුව ඊට ප්‍රතිචාර ලෙස මර්ධනයේ හස්තය දිගු කරන ඕනෑම විටෙක, කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තෙන් පලිහක්ව සිට ගැනීමට පසුබට නොවන බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

No photo description available.

RN