*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ගෝල්ෆේස් පණිවිඩය සෙල්ලං නෑ – තාරක ලියයි 

ගෝල්ෆේස් විරෝධතා කඳවුරේ ප්‍රධානතම සටන් පාඨය `ජනාධිපති ගෙදර යන්න` බව කවුරුත් දන්නවා. ඒක නිකම්ම නිකම් සටන් පාඨයක් විතරක් යැයි කවුරුන් හෝ සිතනවාද ? අලුත් පරම්පරාවේ කොල්ලන් කෙල්ලන්, මේ, ගෙදර යන්න කියන්නේ ජනාධිපතිට විතරද ? ඒ සටන් පාඨය එච්චරම සරලද ? නැහැ කොහෙත්ම නැහැ.! ඒක පට්ට ගැඹුරුයි. සෙල්ලං නෑ. 

මේ පරම්පරාව කාලයක් බලාගෙන හිටියා. කවුරුත් හිතුවේ ඒගොල්ලෝ ෆෝන් එකේ ගේම් ගගහ හිටියා කියලයි. හැබැයි දැන් තේරෙනවා ඒගොල්ලෝ ෆෝන් එක අතේ තියාගෙන හිටියට ග්‍රවුන්ඩ් එකේ ගහපු ගේම් දිහා බලාගෙන ඉඳල තියෙන්නේ. දැන් ඒගොල්ලෝ ෆෝන් එක ලොක් කරලා සාක්කුවේ දාගෙන නැගිටලා. සෙල්ලං නෑ. 

දේශපාලනය ලාභ ලබන බිස්නස් එකක් බවට පත්වෙච්ච හැටි මේ කොල්ලො කෙල්ලො බලාගෙන හිටියා. ඒ ලාභවලින් මේ රටේ විතරක් නෙමෙයි පිටරටවලත් සල්ලි ගොඩගැහෙන හැටි ඔවුන් බලාගෙන හිටියා.වැලි ජාවාරම්වල සිට බැඳුම්කර ජාවාරම් ආදී ලොකු කුඩා නොයෙක් ක්‍රමවලින් බලය තියෙන උන් සල්ලි පොදි ගහද්දි සාමාන්‍ය මිනිස්සු කබලෙන් ලිපට වැට්ටුව කැත නින්දිත ආර්ථිකයටත් එකටත් එක්කයි මේ ගෙදර යන්න කියන්නේ. සෙල්ලං නෑ.

ගරු අතිගරු වචන තමන්ගේ නම් ඉස්සරහට දාගෙන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීගේ ඉඳන් ජනාධිපති දක්වා හැත්ත බුරුත්තක් වෙනම සුපිරි ජීවීන් කොට්ටාසයක් බවට පත්වෙලා හෝන් ගහගෙන – සද්ද දාගෙන – ස්කොඩ් තියාගෙන මහපාරේ රඟ රඟ උත්සවවල ප්‍රධාන අමුත්තෝ වෙවී වැඳුම් ලබ ලබ කරන විගඩම මේ කොල්ලො කෙල්ලො බලාගෙන හිටියා. ඔවුන් යන්න කියන්නේ අන්න ඒ මුග්ධ සංස්කෘතියටත් එක්කයි. සෙල්ලං නෑ.

කිසිම අනාගත සැලැස්මක් නැතුව – හරිහමන් විදේශ ප්‍රතිපත්තියක් නැතුව රටේ සම්පත් විකුණ විකුණ සෝබන වැඩ කරලා කරලා සංචිත ටික හිඳෙනකම්ම චූන් වෙවී ඉඳල අන්තිමට වෙළඳපොළේ ගන්න කිසිම භාණ්ඩයක් නැති තැනට පත්කරලා – තියෙන භාණ්ඩ ගන්නත් සල්ලි නැති තැනට පත්කරලා – කිලෝමීටර් ගණන් දිග පෝලිම් හදපු දිගුකාලීන සැලසුම් විරහිත ගොබ්බ කමටත් එක්කයි මේ යන්න කියන්නේ. සෙල්ලං නෑ.

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය කියල මතුරලා මතුරලා ආපු හැම එකාම වගේ, මාධ්‍යවේදීන් සමාජ දේශපාලන ක්‍රියාකාරිකයන් ආදී අයුක්තියට එරෙහි වූ මිනිස්සු විශාල ප්‍රමාණයක් මරා දමලා – අතුරුදන් කරලා – හිරේ විලංගුවේ දාල මර්දනය කරලා, තමන්ගේ අම්බැට්ටයන්ට නීතිය නමලා දීල, ඒ මුකුත් නොකෙරුවා වගේ සුදු ඇඳගෙන සමාජයට බණ කියන මජර දෙපිටකාට්ටු වියරුවටත් එක්කයි මේ යන්න කියන්නේ. සෙල්ලං නෑ.

ඒ විතරක් නෙමෙයි ජාතිවාදය ආගම්වාදය අවුස්සලා එකිනෙකාව කොටවලා මරාගන්න සලස්සවලා, සමාජයට ඉස්සරහට යන්න නොදී මිත්‍යාවේ ගිල්වලා විද්‍යාව පාගලා, ලිංගිකත්වය වගේ වචනවලට බය කරලා, අලුත් ලෝකයත් එක්ක ඉස්සරහට යනවා වෙනුවට ගල් යුගය දිහාට ගව් ගාණක් සමාජය ඇදගෙන ගිය හණමිටි දේශපාලනය මේ පරම්පරාවට තිත්ත වුණා. ඔවුන් යන්න කියන්නේ ඒ ඕල්ඩ් පැෂන් ගොන්පාට් වලටත් එක්කයි. සෙල්ලං නෑ.

ඒ ඔක්කොමත් හරි තරුණයන්ට තැන දෙනවා කිය කිය, කරන්ගෑටි වෙච්ච, ඇටුවන් බැහැපු, ගතානුගතික, කිසිම නූතන අදහසක් නැති පට්ට පරණ ජොකියො ටිකක් තරුණයන්ගේ නිර්මාණශීලීත්වය ලාබෙට කොල්ල කකා උන්ව යූස් කර කර තමන්ගෙ ගේම ශේප් එකේ ගහගෙන යන හැටි මේ කොල්ලො කෙල්ලො බලාගෙන හිටියා. උන් දැන් කියන්නේ “ගනිව් ගනිව් වැඩ ගනිව් අපෙන් කියල නෙමෙයි, තොපි පළයව් අපි මේක කරන්නං“ කියල. සෙල්ලං නෑ.

අන්න ඒ නිසා ගෝල්ෆේස් විරෝධය සෙල්ලං නෑ. උන් ඉල්ලන්නේ අලුත් සමාජයක්. අලුත් සිස්ටම් එකක්. මේක මේ නිකම්ම නිකම් ගෝ හෝම් සීන් එකෙන් දාල ෂේප් වෙන්න කවුරුහරි හිතනවනං එව්වා වානා. මොකද එහෙම මගහැරලා යන එක හරි ලේසියි. මතක තියාගන්න මේක පොඩි උන්ගෙ සෙල්ලං වැඩක් නෙමෙයි. අලුත් පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න ගියොත් නෝන්ඩි වෙනවා. සෙල්ලං බෑ. සෙල්ලං නෑ. 

– තාරක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan