Wednesday, November 29, 2023
spot_img

Latest Posts

මොස්ක්වා අහිමි වෙද්දී මරියුපෝල් අල්ලා ගත් බව රුසියානු හමුදා කියයි

දිගු සටනකින් පසුව යුක්රේනයේ මරියුපෝලි නගරයේ බලය තහවුරු කරගත් බව රුසියානු හමුදා පවසනවා. නගරයේ බලය තහවුරු කර ගැනීමේදී යුරේන සෙබළුන් 1000 කට වැඩි පිරිසක් රුසියානු හමුදාවට යටත් වූ බවද රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

කෙසේ නමුත් යුක්රේනය පවසන්නේ කිසිදු යුක්රේන හමුදා සෙබළෙකු යටත් වූ බවට නිල තොරතුරු ලැබී නොමැති බවයි. මරියුපෝල් නියෝජ්‍ය නගරාධිපතිවරයා බීබීසී පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ යුක්රේන හමුදාඛණ්ඩ කිහිපයක් තවමත් නගරය තුළ සතුරන්ට එරෙහිව සටන් කරමින් සිටින බවයි.

පෙබරවාරි 24 වැනිදා යුක්රේනය ආක්‍රමණය කළ රුසියානු හමුදාව මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ යුක්රේනය තුළ යුද මෙහෙයුම්වල නිරතව සිටී. සති දෙකක් තුළදී යුක්රේනය අත්පත් කර ගැනීම රුසියානු නායක පුටින්ගේ අරමුණ වූ අතර කෙසේ නමුත් යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට තවමත් නොහැකි වී තිබේ.

රුසියානු හමුදා මරියුපෝල් අල්ලා ගනිද්දී රුසියාවට අයත් මොස්ක්වා යුද නෞකාව විනාශ කිරීමට යුක්රේන හමුදා සමත් වී තිබේ. මිසයිල ප්‍රහාරක නෞකාවක් වන මෙය සෝවියට පාලන සමයේදී නිෂ්පාදනය කරන යුද ප්‍රහාරක නෞකාවකි.

මේ අතර යුක්රේනයට තවදුරටත් යුද ආධාර සැපයීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 800 ක යුද ආධාර ඇමරිකාවෙනු සැපයෙනු ඇත.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.