ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සියුලර්වරයා ලෙස ප්‍රවීන සිනමා නළු බන්දු සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.
මිලානෝ කොන්සියුලර් තනතුර සඳහා මීට පෙර ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කළ අතර කෙසේ නමුත් අදාල තනතුරට පත්ව ඉතා කෙටි කාලයක් තුළදී ඇය ජීවිතයෙන් සමු ගත්තාය.
බන්දු සමරසිංහ මහතා අදාල තනතුරට යෝජනා වී ඇති බවට වාර්තා වීමත් සමග ඉතාලියේ ජීවත් වන ශ්‍රීලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ මිලානෝ කොන්සියුලර් තනතුර පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ නමුත් බන්දු සමරසිංහ මහතාගේ නම ඊට යෝජනා වීම ඇමතිවරයා තහවුරු කර තිබෙනවා.
UN