රටේ දුප්පත්කම එන්න එන්නම වැඩි වෙනවා. ඒත් මේ දුප්පත්කම තුරන් කරන්න රජයට කිසිදු වැඩපිළිවෙළක් නැහැ – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද වන විට රටේ දුප්පත්කම වැඩි වී ඇති බවත් ග්‍රාමීය වතු ප්‍රදේශයේ මෙන්ම නාගරික දුප්පත්කම ඉහළට පැමිණ ඇති මුත් මේ දුප්පත්කම තුරන් කිරීමට වත්මන් රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දුප්පත්කම තුරන් කිරීමට නම් නියත වශයෙන් ඉතිරි කිරීම, ආයෝජනය, පාරිභෝජනය, නිෂ්පාදනය මෙන්ම අපනයනයත් තිබිය යුතු වුවත් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩසටහනෙන් පාරිභෝජනය පමණක් ප්‍රවර්ධනය කරණ බවත් මෙවැනි වැඩසටහන් සාර්ථක වීමට ප්‍රජා කේන්ද්‍රීය සහභාගීත්ව සංවර්ධනයක් සිදුවිය යුතු වුවත් රජයට ඒ ගැනවත් අවබෝධයක් නොමැති බවත් සුළු පිරිසක් සනසන්න සුළු මුදල් ආධාරයක් පමණක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට රජයේ සහනාධාරවල වහලුන් නොවී ස්වෝත්සාහයෙන් දුප්පත්කම තුරන් කල හැකි බවත් දුප්පත්කම තුරන් වන විට අගහිඟතා ඉවත්ව අවශ්‍යතා ඉටු වී අමතර මුදල් ඉතිරි වී අනාගතය සුරක්ෂා වන බවත් එය තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රමයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙමටගොඩ කොට්ඨාසයේ පැවැති මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...