අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ කිරි උතුරවයි!

කොළඹ LNW:සිංහළ – හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීමේ පුරාණ චාරිත්‍රය අද (14) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

අලුත් අවුරුදු උදාවන මොහොතේදී දළදා වහන්සේ හමුවේ කිරි ඉතිරවීම පුරාණ සම්ප්‍රදාය වන අතර අලුයම 3.21ට දකුණු දිශාව බලා කිරි ඉතිරවීම සිදුකෙරිණි.

දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවේ මහාද්වාරය අබියස ලිප් බැද අලුත් වළං තුළ කිරි ඉතිරවීම සම්ප්‍රදාය වේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම චාරිත්‍රය සිදුවූ අතර රටට සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමේ මෙම පුරාණ චාරිත්‍රයේ එක් අරමුණකි.

තේවාව භාර රාජකාරියේ නියුතු අස්ගිරි මහ විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික මහියංගණ රජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ඇතුලු මහා සංඝරත්නය පිරිත් සඤ්ඤායනා කළ අතර රටට ජනතාවට රෝග බියෙන් තොරව සෞභාග්‍ය, සමෘද්ධිය අපේක්ෂා කරමින් දන්ත ධාතූන් වහන්සේ හමුවේ කිරි ඉතිරවීම සිදුකරන ලදි.

ශ්‍රී දළදා මාළිගාවේ රාජකාරියෙහි නියුතු කාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...