උතුරු කොරියාව විශාලතම හා නවීනතම යුධ නෞකාවක් නිර්මාණය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාව සිය විශාලතම හා නවීනතම යුධ නෞකාවක් නිර්මාණය කරමින් සිටින බවට, චන්ද්‍රිකා සැපයුම්කරුවන් වන මැක්සාර් ටෙක්නොලොජීස් සහ ප්ලැනට් ලැබ්ස් විසින් අප්‍රේල් 6 වන දින ලබා ගන්නා ලද ඡායාරූපයක් නිකුත්කර තිබේ.

උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ගේ නාවික බලඇණියේ ඕනෑම දෙයකට වඩා දෙගුණයකටත් වඩා විශාල විය හැකි මෙම නෞකාව සම්බන්ධයෙන් විශ්ලේෂකයින් පවසන්නේ ඡායාරූප මගින් නෞකාවේ ආයුධ සහ අනෙකුත් අභ්‍යන්තර පද්ධති අඛණ්ඩව ඉදිවෙමින් පවතින බවත් එය මිසයිල නෞකාවක් (FFG) විය හැකි බවත්ය.

ජනාධිපති කිම් සම්බාධක නොතකා සිය සන්නද්ධ හමුදා වේගයෙන් නවීකරණය කිරීමේ නිරතව සිටින අතර, නව ආයුධ පරාසයක් සංවර්ධනය කරමින් සහ එක්සත් ජනපදයේ ඕනෑම තැනකට ළඟා විය හැකි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ද අත්හදා බලමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා–තායිලන්ත ව්‍යාපාරික කවුන්සිලයේ ඉදිරි බලාපොරොත්තු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා...

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...