පවතින ඩීසල් හිගය හේතුවෙන් සංචිත මුදාහරින ලෙස ඇමරිකාව ප්‍රංශයට සහ ජර්මනියට දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ලෝක ඩීසල් සැපයුම සම්බන්ධයෙන් පවතින පීඩනය හමුවේ, ප්‍රංශය සහ ජර්මනිය සතුව පවතින ඩීසල් සංචිත වෙළඳපොළට මුදාහරින ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉල්ලා ඇති බව වාර්තා වේ.

Reuters පුවත් සේවය වාර්තා කර ඇති පරිදි, මෙම ඉල්ලීම ඉටු නොකළහොත් ඇමරිකාවෙන් ඩීසල් අපනයනය සීමා කිරීම හෝ තහනම් කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට සිදුවිය හැකි බවටද ඇමරිකානු පාර්ශ්වය අනතුරු අඟවා තිබේ.

ලෝක වෙළඳපොළේ ඩීසල් සැපයුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක්ද පවතින අතර, සැපයුම ඉහළ නැංවීම සඳහා හදිසි සංචිත භාවිත කිරීම පිළිබඳව රටවල් අතර අවධානය යොමුව තිබේ.

යුරෝපා සංගමයේ හදිසි ඩීසල් සංචිතවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රංශය සහ ජර්මනිය සතුව පවතින බැවින්, එම රටවල් දෙකෙන් සංචිත මුදාහැරීම ලෝක වෙළඳපොළේ සැපයුමට බලපෑමක් ඇති කළ හැකි බව වාර්තා වේ.

මේ අතර, යුරෝපා කොමිසම ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් ද ඩීසල් සංචිත මුදාහැරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් වන අතර හදිසි සංචිත විශාල වශයෙන් මුදාහැරීමෙන් අනාගතයේ ඇති විය හැකි ඉන්ධන අර්බුදයකදී භාවිත කිරීමට තිබෙන ආරක්ෂිත තොග අඩුවීමේ අවදානමක්ද පවතී.

ඩීසල් සැපයුම සම්බන්ධයෙන් පවතින මෙම තත්ත්වය ඉදිරියේදී ජාත්‍යන්තර ඉන්ධන වෙළඳපොළට සහ ඉන්ධන මිල ගණන්වලට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව අවධානය යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ජපානයේ ස්ථිර...

අද සිකුරාදා හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...