ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත්,ඒ හරහා නිදහස් මාධ්‍ය විකාශන අධිකාරිය හරහා නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙය තොරතුරු දැනගැනීමේ අයිතියටත්,මාධ්‍ය නිදහසට තැවරේ බරපතල ක්‍රියාමාර්ගයක් බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ හරහා ආණ්ඩුවට අවනත සහ අනුගත රූකඩ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දුන්නේය.
ආඥාදායක ඒකාධිපති විකාශන අධිකාරි පනතක් ගෙන ඒම හරහා රටේ මාධ්‍යයට කරන්නට යන තර්ජනය වහා නතර කිරීම සඳහා පෙරමුණ ගන්නා බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
RN