*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

සීල් ද ඩීල් ද

නව ස්ථාවරකරණ කමිටුවක් පත් කිරිමෙන් පසුව අමාත්‍යංශ නිලධාරීන් රගර් සම්මේලනයට අයත්ව තිබූ ගොඩනැඟිල්ල සීල් තබා ඇත.කිසිඳු නීතිමය මැදිහත්විමකින් තොරව හෝ කිසිඳු දැණුම් දිමකින්,කරුණු විමසීමකින් තොරව ක්‍රීඩාවේ දේශපාලන බලධාරියා වන ක්‍රිඩා අමාත්‍යවරයා විසින් තමන්ට බලය ඇතැයි යන ක්‍රීඩා පණතේ යම් යම් වගන්ති උපුටා දක්වමින් කරන ලද විමසීමෙන් පසුව අදාළ ලියකියවිලි අත්පත් කර ගැනීමේ ක්‍රමවේද නොසළකා මේ සීල් තැබීම කර ඇත.මේ නිසා වටිනා ලියකියවිලි සම්බන්ධයෙන් යම් අනතුරුදායක සහ අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව විසුරුවන ලද රගර් පරිපාලනයේ නිලධාරින් විසින් මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.

මේ සීල් තැබීම රගර් පරිපාලනය විසුරුවා හැරීම දක්වා වන ආසියානු රගර් බලධාරීයගේ සහ රටේ ර්‍කිඩාවේ ප්‍රගතිය වෙනුවට තමන්ගේ බලය අපේක්ෂා කරන අමාත්‍යවරයාට හිතවත් රගර් හා බැදුණු පුද්ගලයන්ගේත් ක්‍රිඩා අමාත්‍යවරයාගේත් ඩීල් එකක් බවට සාධාරණ සැකයක් උපදින කරුණු ගණනාවක් අප විසින් මෙම විසුරුවාලීම සහ නව කමිටුවක් ගෙන ඒම වැනි කාරණා සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මුහුදට ගව් ගණනක් තබා අමුඩ පොට තද කරද්දීම අප පැවසීය.

ඒ අනුව ආසියානු රග්බි සභාපතිවරයාගේ පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට මෙරට දේශපාලන අනුග්‍රහය ඇතුව ගෙන ගිය කුමන්ත්‍රණයකින් විසුරුවා හරින ලද රග්බි සංගමයට බලපෑම් කරන බව අපි පැවසුවෙමු. ඒ සඳහා රග්බි ක්‍රීඩා සමාජවල කැමත්තෙන් බලයට පත්වීමට අපොහොසත් පිරිසක් ඔවුන් හෝ තම නියෝජිතයින් දේශපාලන අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා රගර් හී බලය තහවුරු කර ගැනීමට උත්සාහ දරණ බව ද අපි කීවෙමු.මේ වන විට ඒ සියල්ල තහවුරු කරමින් විසුරුවා හරින ලද රගර් පරිපාලනයට අප විසින් පැවසූ අරමුණ පෙරදැරිව පෙත්සම් ගැසූ පිරිස් ද සහිතව ස්ථාවරකරණ කමිටුව නමින් නව පරිපාලනයක් පත්ව ඇත.
මෙය අධිකරණයේ පවතින නීතිමය නියෝග ඉක්මවා යන ලද පත් කිරීමක් බව අපේ දැණුමට සාපේක්ෂව පෙනෙන්නට තිබෙන අතර රටේ රගර් ක්‍රීඩාවට සිඳු වූ කිසිඳු බලපෑමක් පදනම් කරගෙන මෙම නව පත් කිරිම් සහ විසුරුවා හැරීම් කර නැති බව ඒ සම්බන්ධයෙන් කරන ලද අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිවේදනයෙන් ද පැහැදිළි වේ.

අප දිගින් දිගටම පෙන්වා දුන්නේ ආසියානු රගර් තහනමට එහි සභාපතිවරයා සහ ශ්‍රී ලංකා සභාපතිවරයා අතර පවතින පෞද්ගලික අර්බූදයක් හේතු වි තිබෙන බවත්,එය ප්‍රයෝජනයට ගනිමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පැන වූ තහනම මත ආසියානු සම්මේලනය ශ්‍රී ලංකාවේ රගර් තහනම් කර තිබෙන බවත්ය.රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යංශයෙන් අධිකරණයේ ඇති තහනම ඉවත් නොකිරිම නිසා ශ්‍රී ලංකාවේ රගර් තහනම පවතින බවට පරස්පර අදහස් පවසමින් එම තහනම ගැන අදහස් දැක් වූවේය.නමුත් මේ වන විට LNW දිගින් දිගටම පෙන්වා දුන් පරිදි නාමල් රාජපක්ෂ පැන වූ තහනම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසුව ආසියානු තහනම ඉවත් වී ඇත.

හිටපු අමාත්‍යවරයාගේ එම තීරණයට එරෙහිව අධිකරණයට ගිය ශ්‍රී ලංකා රගර් තාවකාලිකව එම තහනම ඉවත් කර ගත් අතර අධිකරණය තහනමට බලපෑ කරුණු ගැන සාකච්ඡා කර තහනම ඉවත් කිරිම සඳහා අධිකරණයට දැණුම් දෙන ලෙස ක්‍රිඩා අමාත්‍යංශයට කරන ලද නියෝගය අනුව කටයුතු කිරිම ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ පවතින ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රමාද කරමින් සිටියේය.
දැන් ක්‍රීඩා අමාත්‍යවරයා එම තහනම උසාවියෙන් ඉවත් කිරීමට අවශ්‍යය කරුණු සම්පාදනය කළ බව කීව ද,ඒ සඳහා කිසිඳු නිල නිවේදනයක් ගැසට් පත්‍රයක් නිකුත් කර නැත.ඊට හේතුව එම තහනම සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් නොවීමය.අධිකරණය නව නිලවරණයක් පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්නට ද අවසර දුන් අතර නමුත් වත්මන් අමාත්‍යවරයා ද වත්මන් පරිපාලනය විසුරුවා හැරිමට හේතු සේ සිය මාධ්‍ය නිවේදනයේ නාමල් රාජපක්ෂ තහනමට පදනම් කර ගත් කරුණුම වැරදි සේ පෙන්වා දි ඇත.
අවසානයේ සිඳු කර ඇත්තේ අධිකරණයට කරුණු දැක් වූ බව පවසා නිල වශයෙන් වැඩ කරන්නට ඉඩ සදනු වෙනුවට එසේ අධිකරණයෙන් ඇති බාධාවන් ඉවත් වූ සම්මේලනය විසුරුවා හැර නව ස්ථාවරකරණ කමිටුවක් යැයි කමිටුවක් පත් කිරීමය.අධිකරණයෙන් නිදහස් වූ රගර් සම්මේලනය මේ වන විට විසුරුවා හැර ඇත.ඒ අමාත්‍යවරයා ය.නමුත් නාමල් රාජපක්ෂ නිල බලයෙන් පත් වූ රගර් සම්මේලනය තහනම් කළ විට ආසියානු සම්මේලනය සිඳු කළේ ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ රගර් තහනම් කර අමාත්‍යවරයාගේ තහනම ඉවත් කරන තුරු සම්මේලනය පිළිගන්නට බලා සිටීමය.නමුත් මේ මොහොතේ විසුරුවා හැර අමාත්‍යවරයාගේ බලතල අනුව පත් කරන ලද රගර් කමිටුව ආසියානු සම්මේලනය පිළිගන්නේය.

ඒ පිළිගැනීම යනු අප මෙතෙක් කාලයක් වරින්වර පැවසූ ගණුදෙනුවේ ස්වභාවය වන්නේය.ආසියානු සභාපතිවරයාට අවශ්‍යය වන්නේ මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරුන් හරහා තමන්ට අකමැති රගර් පාලකයා ඉවත් කිරීමය.නැතිනම් අමාත්‍යවරයාට අවශ්‍යය වන්නේ ආසියානු සභාපතිවරයාට අවශ්‍යය නැති පිරිස් රගර්වලින් ඉවත් කර දීමය.මේ ගනු දෙනුව අප මුලසිටම පෙන්වා දුන්නේය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ සෙල්ලම ක්‍රීඩාශීලි නොවන අතර ඔහු සිටින ක්‍රීඩා පරිපාලකයන්ට විරුද්ධ කණ්ඩායම් සමඟ රොද බැඳ පවතින නිල ව්‍යහුයට බාධා කරයි.ක්‍රිකට්,රගර් පමණක් නොව පාපන්දු සම්බන්ධයෙන් ද ඇත්ත කතාව එසේ වන අතර කිසිඳු ආකාරයකින් ජාත්‍යන්තර සංගම්වල නීතිමය හැඩයන් නොසළකා හැර “ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති බලතල ප්‍රකාරව’ යන වාක්‍ය භාවිතයට ගනිමින් පවතින පරිපාලනයන්ට අහිතවත් පිරිස සමඟ එකතු වී එම ක්‍රීඩා පරිපාලන ඔවුන්ට දන් දෙන්නට උත්සාහ ගනිමින් සිටියි.

එස්.බි.දිසානායකගේ සිට පසුව මේ දක්වා සිටි ක්‍රිඩා අමාත්‍යවරුන් කිසිවෙක්ට නොතිබුණු තරමේ තමන්ට බලය ඇති බව පෙන්වන්නට අවශ්‍යයතාවයක් වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයාට ඇත.සෑම සම්මේලනයක්ම සහ ක්‍රිඩා පණත ද තමන්ගේ අභිමතය පරිදි වෙනස් කරන්නට උත්සාහ දැරිම ඒ සම්බන්ධයෙන් තීරණවලට එළැඹීම වැනි කරුණු නිසා මේ වන විටත් නීතිමය වශයෙන් බාධක වැටි තිබුණ ද ක්‍රිඩා අමාත්‍යවරයාට අවශ්‍යය වන්නේ ලෝකයේ ක්‍රීඩාව වෙනයි අපේ ක්‍රිඩාව වෙනයි යන හැඟීම මතු කිරීමය.මේ ගුප්ත සහ මුග්ධ ආසාව නිසාම පසුගිය කාලයේ පාපන්දු ක්‍රීඩාවට අහිමි වූ ජාත්‍යන්තර අවස්ථාවන් මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු වෙත ලැබෙන ජාත්‍යන්තර ආධාර නොලැබී යාමම රටටම සිඳු වූ පාඩුවක් වුව ද ක්‍රීඩා අමාත්‍යවරයා ඒ ගැන සිතන්නේ අඩුවෙන්ය.
නැවත රගර් පරිපාලනය විසුරුවා හැරීම,හිතුමතේට සිල් තැබීම වැනි කාරණා ගත් විට වසර 115 ක් පැරණි රග්බි ඉතිහාසයේ අවාසනාවන්තම සිඳුවීමකි.ඊට පෙර සහ ඉතිහාසයේ බරපතලම ඛේදවාචකය හැටියට සැළකෙන්නේ අසංග සෙනවිරත්න සභාපති පදවිය දරන සමයේ විදේශිය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට කැඳවා ඇති කරන ලද අපකීර්තිය ය.ඒ නිසා ගෙවන්නට වූ දඩ මුදල අදත් ශ්‍රී ලංකා රගර් විසින් ගෙවමින් සිටින අතර අද ආසියානු සභාපතිවරයාට සමීපව ඔහුගෙන් තනතුරු ආදිය ලබමින් ක්‍රියාත්මක වන්නේ අසංග සෙනවිරත්නය.ක්‍රිඩා අමාත්‍යවරයා එවැන්නන් ගැන කිසිවක්ම නොකරන්නේය.

ආසියානු සභාපතිවරයා රගර් ක්‍රීඩා කර නොමැති බව පත් වූ ස්ථාවරකරණ කණ්ඩායමටත් අදාළ නැත.ඉතා අඩු ආයු කාලයක් ඇති ඔහුගේ රටේ රගර් ක්‍රීඩාවට වසර සියයකට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රගර් යටත් කර ගැනීමට තරම් පහතට වැටුණේ කෙසේද යන්න කල්පනා කිරිම වෙනුවට ඔවුන්ගේ බෙරයට අඩව් ඇල්ලීම කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිස සූදානම් වීම ඛේදණිය තත්ත්වයකි.
වසර සිය ගණනකදී සිඳු නොවූ දේ විසුරුවා හරින ලද රගර් පරිපාලනය සිඳු කළේය.ඒ ඒ දක්වා විකාශන අයිතිය නොමිළේ ලබා ගැනිමට හැකි සේ අනුග්‍රහයන් සම්බන්ධයෙන් තිබුණ වරප්‍රසාදය ඉවත් කර විකාශන අයිතියට වෙනම මිලක් නියම කිරිමය.එහිදි පැරණි අනුග්‍රාහකයා පස්ස ගැසූ අතර එම අනුග්‍රාහකයන්ගේ ප්‍රධාන නියෝජිතයෙක් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුග්‍රහ කමිටුවේ ප්‍රධානියාව සිටිය ද රගර් ක්‍රීඩකයෙක් වූ නාමල් රගර් පරිපාලනයට වත්කම් වැඩිවන එම කාර්යය වෙනුවෙන් මැදිහත් නොවුණේය.
අනුග්‍රාහකත්වයක් නැතියි පස්සට නොගිය රගර් පරිපාලනය නිපෝන් පේන්ට් සමඟ ගමන අරඹමින් තවත් නව අනුග්‍රාහකයින් සොයා ගනිමින් තවත් තරගාවලි හඳුන්ව දෙමින් රගර් හි ව්‍යාප්තායද පුළුල් කළේය.විදේශ රටවල්වල අනුග්‍රහය සහ ශ්‍රී ලංකා රගර්වලට වාසිදායක වන ආකාරයේ ද්වී පාර්ශවික සබඳතා ඇති කිරීමද වත්මන් රගර් විසින් කරගෙන ගියේය.ස්ථාවරකරණ කමිටුවේ ප්‍රධානියා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ඒ ශ්‍රේණියේ රගර් ක්‍රීඩා කර නැති පිරිස් විසුරුවා හරින ලද පාලනයේ සිටි බවය.එය නුසුදුසුකමක් බවද පෙන්වා දුන්නේය.ඊට පෙර සිටියේ ඒ ශ්‍රේණියේ ක්‍රීඩා කළ අයනම් ඒ පිරිස් රගර් ණය බර ඒ ශ්‍රේණියට ඔසවා තබා වගකීම්වලින් බැස ගිය අයය.එසේම රට වෙනුවෙන් විදේශ ක්‍රිඩකයින් පිටියට රැඟෙන විත් ජාත්‍යන්තරය ඉදිරියේ රට අපකීර්තියට පත් කළ අයය.

ඒ ශ්‍රේණියේ යැයි කිසිඳු ආකාරයකින් රගර් හී සැළකිල්ලේ හැඳි වෙනස් නොකරමින් අන් කිසිඳු ක්‍රීඩා සමාජයකට නොලැබෙන වරප්‍රසාදයක් යම් ක්‍රීඩා සමාජයක් බලාපොරෙත්තු වේ නම් එය නොදෙන්නට කටයුතු කළ විසුරුවා හරින ලද රගර් සම්මේලනයේ සමානත්වය ඉදිරියේ දී වෙනස් වේ දැයි යම් සැකයක් චූලාවන්ගේ කතාවෙන් ගම්‍ය වන්නේය.ඒ ශ්‍රේණියේ ක්‍රීඩා සමාජ රැක ගැනිමට වඩා රටට ක්‍රීඩා කරන්නට ඒ ශ්‍රේණියේ ක්‍රිඩකයින් සොයා ගැනිමට ගම් බිම් බලා යමින් සිටි රගර්වල පිවිසුම ස්ථාවරකරණ කමිටු තමන් ආඩම්බරයෙන් ඒ යැයි කියාගන්නා තැන් හි සිර කර ගැනිමට උත්සාහ දරනු ඇතැයි එම අදහස් දැක්වීම්වලින් පැහැදිළිය.විශේෂයෙන් පොළොන්නරුවේ වීම හීනමානය දුරස් කර ගැනිමට ඒ ශ්‍රේණියේ සේ හැසිරෙන්න හදනවාදැයි සැක සිතෙන ක්‍රිඩා අමාත්‍යවරයා තමන්ගේම චරිතය උදාහරණයකට ගෙන කුඩා කන්ඩායම්වල දක්ෂයන්ට ඉදිරියට ඒමට පහසුකම් සැළසිම අරමුණ කර ගනු විනා ඒ ශ්‍රේණියට රගර් ලියා දෙන්නට කල්පනා කළ යුතුය.අසංග,ලසිත,මලික් සමරවික්‍රම හෝ චූලා අතුළු ඒ ශ්‍රේණියේ කණ්ඩායම් නොව පොළොන්නරුවෙන් තමන්ට ජයග්‍රහණය ලබා දුන් මිනිස්සු අතරේ සිටින ගොවිකම උරුම කරගත් හයිය ඇඟවල්වල ජාන රගර් සමඟ මුසු කළ හැකිදැයි රොෂාන් රණසිංහ සිතිය යුතුය.

නැත්නම් මිට පෙර ජනපති වූ මෛත්‍රීපාලට පොළවෙන් මතු වූ මිනිසා යැයි කීවද පසුව මිනිසුන් කීවේ එවැන්නෙක් යළි බිහිවිම වළක්වන්නට පොළොන්නරුවේ සම්පූර්ණ බිමම කොන්ක්‍රීට් කළ යුතු බවය.රොෂාන් රණසිංහ ඒ ලැයිස්තුවට එක් වීමට පාර කපන ඩීල් ක්‍රීඩාවේම යෙදෙනවාද,දක්ෂ නිර්භීත් සහ ස්වාධින මිනිසුන්ට වැඩ කරන්න පහසුකම් සපයා දෙමින් ක්‍රීඩාව ආරක්ෂා කරනවාද යන්න තමන්ට තියෙන බුද්ධිය තව පළල් කර ගනිමින් සිතිය යුතුව ඇත.මේ සියලු දේ අතර දක්ෂයාට සහ යුක්තිගරුක මිනිසාට තිබුණු සාධාරනය සහිත ඉඩ අධිකරණය වූ අතර බොහෝ විට මේ සිඳුවීම් සිඳුවන ආකාරයෙන් දැනෙන අශ්ලීලබවට පිළිතුරු ද බොහෝ විට අධිකරණය ඉදිරියේ දී ලැබෙනු ඇත.
පරිපාලනය ඒ ශ්‍රේණියේ ක්‍රීඩා සමාජවලට හිමි විය යුතු බව සිතන ස්ථාවරකරණ කමිටු ප්‍රධානියා


සටහන – නිශ්මං රණසිංහ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan