*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ඇමති හොඳ හිතින් නොකළොත් රගර්වලටත් පාපන්දුවේ ඉරණම

නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): ආසියානු තහනම ශ්‍රී ලංකා රගර් සභාපතිවරයාගේ වරදක් නිසා වූවක් බව පෙන්වන්නට ක්‍රීඩා ඇමතිවරයා උත්සාහ ගත්තේය.එතුමාට උපදේශනයෙන් සහය විය යුතු ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරිය සහ ඒ සභාවේ බොහෝ පිරිස් නාමික උපදේශකයන් වන අතර වැඩිය ගැලපෙන්නේ එහෙයියන්ටය.ඒ නිසා ඇමතිම කියන කතාව පුනරුච්ඡාරණය කරමින් එහි ලේකම්වරිය ද මෑතකදී පැවසුවේ ඇමතිවරයාගේ සෙලවෙන තොල් බලමින් ඒ කියවෙන දෙබස්වලට හඬ එකතු කිරීමය.

නමුත් අප නිරන්තරයෙන්ම ඊට හේතුව සභාපතිවරයාගේ ගැටළුවක් නොව නාමල් රාජපක්ෂ ගැසූ තහනම් නියෝගය සහිත ගැසට් පත්‍රය බවත් එය අධිකරණයෙන් දුන් නියෝගය අනුව ඉවත් කිරීම සඳහා අධිකරණය බලාපොරොත්තු වන සාධක ක්‍රීඩා අමාත්‍යංශය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබීත් බව අපි පැවසුවෙමු.දැන් පිටිය සැකසෙමින් පවතින්නේ ආසියාවේ තහනමට බල පෑ නාමල් රාජපක්ෂ පැවරූ නඩුවේ තීන්දුව සඳහා අධිකරණය ඉල්ලා සිටි තහනම ඉවත් කිරීමට අවශ්‍යය පරිසරය සැකසීමට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානම් වීමය.

මේ සූදානම් වීම පිටුපස යළිත් ආසියානු සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකා සභාපතිවරයා සමඟ පවතින පෞද්ගලික කෝන්තරයක්ද එල්ලී එන බව පෙනෙන්නට ඇත.ඒ ආසියානු සභාපතිවරයාට අවශ්‍යය පරිදි රගර් පරිපාලනයට තිරිංගයක් යෙදීමට ඇමතිවරයාගේ සූදානමක් තිබෙන බව දකින්නට තිබීමය.තිරිග කුමටද යන්න සහ තිරිගවල තත්ත්වය ගෙවුණු ඒවා වීමත් නිසා මේ අර අදින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් රගර් නග්ගවා ජය පැන් බීමේ කාර්ය සඳහා උත්සාහ කිරීම නොවේය.රගර් වටිටවා පෞද්ගලික කෝන්තරවලින් ජය ලබා සතුටු වීමේ අවස්ථාව උදා කර ගැනීමට පාර සකසා ගැනීමය.

ක්‍රීඩා අමාත්‍යවරයාට එවැනි තත්ත්වයකට රගර් රැඟෙන ගියහොත් සිඳු විය හැකි පළමු දේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රගර් ද පාපන්දුවේ මට්ටමට වැටීමය.මන්ද ආසියානු සභාපතිවරයා තමන්ගේ පෞද්ගලික උවමනාවන්ට අනුව ක්‍රියා කළ ද ජාත්‍යන්තරය ඔහුගේ පෞද්ගලික උවමනාවන්ට යටත් කර ගැනීමට හැකි වී නැත.ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මේලනයෙන් තහනම් වී නැති අතර විදේශ රටවල් පසුගිය කාල සීමවේදී ශ්‍රී ලංකා රගර් ඉහළට ගැනීම සඳහා ද්වි පාර්ශික එකඟතාවලට එන හැටි මෙන්ම අනුග්‍රහයන් දැක්වීම සිඳුවන හැටිද අපි දුටිමු.

සියල්ල එසේ වෙද්දී අමාත්‍යංශයේ පූර්ණ සහය ලැබෙන වාතාවරණයකදී ත් අසාර්ථක වූ පිරිස් සහ ශ්‍රී ලංකා රගර් මත මිලියන 55 ක බරක් තබා පිටව ගිය පිරිස් වත්මන් පරිපාලනය අධීක්ෂණයට යොදන්නට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරගෙන යනු ලබන්නේනම්…ඒ සඳහා අමාත්‍යවරයා නාමල්ගේ සහ ආසියානු සභාපතිවරයාගේ ඇරියස් පසෙක දා වත්මන් පරිපාලනය කර ඇත්තේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහය නොමැතිව, අනුග්‍රාහකයන් පොකුරක්ම අසීරු අවස්ථාවක රගර් හි පැවත්මට කැදවා ගනිමින්,හිටපු රගර් පරිපාලකයන් ඉහළ නංවා ගිය ණය කන්ද කපා පාත් කර අඩු කරමින්,ජාත්‍යන්තර වශයෙන් සබඳතා වැඩි දියුණු කර ගනිමින් සහ සහයෝගය දිනා ගනිමින් වැඩ කරපු සංගමයක්,වැඩ නොකර හොර කරපු ණය කරපු පිරිසකගේ අධීක්ෂණයට යටත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානම් ද?වගකීම සහ යුතුකම තේරුම් ගත යුතුව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා ය.ක්‍රීඩාවක් සාර්ථක වීමෙන් එහි වර්ණවත් බවෙන් ලැබෙන ආලෝකය විදීමට වඩා ක්‍රීඩා අමාත්‍යවරයා සතුව ඇත්තේ තමන්ට බලයක් ඇති බව පෙන්වා ක්‍රීඩාවක් පාගා දමා හෝ මම තමා පොර කියා සැනසීමේ මානසිකත්වයක්නම් එය ක්‍රීඩාවට විශාල වෛරසයක් බව තේරුම් ගත යුතුය.

අතීතයටත් බලපාන විදිහට ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ක්‍රීඩාවෙන් විෂබීජ අයින් කිරිමට අවශ්‍යය වන්නේනම් එය රගර් ක්‍රීඩාවෙන්ම ඇරඹිය හැකිය.දැනට ආසියානු සභාපතිවරයාගේ බෙර පදයට අමාත්‍යවරයාව රඟන්නේ කවුද යන්න පැහැදිළිය.අසංග සෙනවිරත්නට ආසියානු සම්මේලනයේ වගකීම් ලැබෙන්නේ කෙසේද?නිලවරණයකට තරග කොට…? නැත.සභාපතිවරයාගේ හිතවත්කමටය.ඒ හිතවත්කමට හේතුව අද අමාත්‍යවරයාම ජාතික ක්‍රීඩා සභාවට දමාගෙන සිටින ලසිත ගුණරත්න පොරොන්දු කඩ කරමින් ශ්‍රී ලංකාවේ ඡන්දය වත්මන් ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාවට උදව් කර තිබියදීත් ඔහුට විරුද්ධව දෙද්දි ඡන්දය වත්මන් සභාපතිවරයාට දිය යුතු බවට ප්‍රසිද්ධියේ සඳහන් කළේ අසංග ය.අසංග සමඟ එම මතයේ සිටි අනෙකා රිස්ලි ඉල්ලියාස් ය.
දැන් සිඳුව ඇත්තේ කුමක්ද?

අසංගලාට සහ ලසිතලාට බලය ක්‍රීඩා සමාජවල කැමත්තෙන් ගන්නට නොහැකි තැන,සිඳුවන්නේ එක්ව බලය වෙනුවෙන් වර්ථමාන රගර් සම්මේලනයට පහර දීමය.සිංහල බෞද්ධ තමයි එක කියා අනෙක් ජාතීන් ආගම් පහතට දමා බලයට ආ ආණ්ඩුවක මුහුණුවර තවමත් එය යැයි හැඟෙන පරිදි මුස්ලිම් ඉල්ලියාස්ට එරෙහි වීමය.හැබැයි හරියටම සහරාන්ලාගේද සහය ඇතුව මුස්ලිම් විරෝධයක් සඳහා පාර සැකසූ ආකාරයේම ආසියානු සභාපති දලායි හරහා ඉල්ලියාස්ට එරෙහිව කුණාටුවක් මැවීම මේ මොහොතේ සැළසුම් කරමින් සිටින්නේය.දේශපාලනයේ පමණක් නොව ක්‍රීඩාවේද සතුරුකම් අත හැරෙන්නේ ප්‍රගතිය පිණිස නොව පොදු ක්‍රියාවලිය අගතියට පත් කර තමන්ට සුගතිය ලැබෙන බව සිතන නරුම හැඟීම් සමඟ වීම රටේ පොදු ඛේදවාචකය වන්නේය.

පුලතිසිපුර මිනිස්සුන්ට රගර් ගෙන යාමට වඩා ඒ මිනිස්සු පත් කර එවූ ක්‍රීඩා අමාත්‍යවරයා ඉන්නේ වෙනත් ක්‍රීඩාවකය.එයට රගර් ක්‍රීඩාව වෙනුවට යොදා ගනමින් සිටින්නේ උද්ධච්ඡකමය.තමන් සහ අමාත්‍යංශය නිදහසේ තබා දොරකඩ සිට දුක කියන්නට එන පුලන්නන්ගේ චරිතයක් නොවි ක්‍රීඩාව ඉදිරියට ගෙ යාමට අවශ්‍යය පසුබිම සම්මේලනයක් හැටියට එක්ව සකසා ගත හැකි මිනිස්සු රටේ ක්‍රීඩාවන් හී සම්මේලනවලට,සංගම්වලට අත්‍යවශ්‍යය තත්ත්වයක ක්‍රීඩා ඇමතිවරයා ඔවුන්ට ආශිර්වාද කරනු වෙනුවට අමාත්‍යංශයේ ගිණුම් ළඟ දැවටි අනේ ස්ර් අරකට දෙන්න මේකට දෙන්න අරකට ස්පොන්ස්ර් කරන්න කියමින් හඬන අය නඩත්තු කරන්නට ඇමති කැමතිය.එය එවැනි පිරිවර වට කොට හැඳුණ ඉතිහාසයක් වෙනුවට ඔහුම කියන පරිදි ඔහුගේ අතීතය දුක්බරය.ඒ නිසා ඇමති පුටුවේ ඉන්න කොට තමන්ට යම් යම් අය සමඟ පෙර කළ පසු තැවෙන්නට සිඳු වූ අයුරෙන්ම තමන් වටේ පිරිස ගැවසෙනු දැකීමේ ආශාවක් සහිත මේනියාවක් ඔහුට ද තියෙන්නට පුළුවන්ය.

නමුත් අමාත්‍යවරයාට රගර් ඉතිහාසයේ සිට නිවැරදි කරන්නට දායකත්වය ගන්නටනම් රගර්වලට වරද්දා ඇති අය මුලින්ම හඳුනාගන්නට හැකිය.ලංකාවේ රගර් ඉතිහාසයේ බරපතලම අවමානය ශ්‍රී ලංකාවට අත් කර දී ඇත්තේ අසංග සෙනවිරත්න සභාපති පදවිය දරන අවධියේ ය.ඒ විදේශ ජාතිකයින් ශ්‍රී ලාංකිකයන් සේ විදෙස් තරගාවලි සඳහා යොදවමින්ය.ඒ වෙනුවෙන් ගසන ලද දඩය තවමත් ශ්‍රී ලංකා රගර් විසින් ගෙවමින් සිටින්නේය.අද ආසියාවේ සිට ලංකාවේ රගර්වල හැඩය හදන්න දලායිගේ යෝජනා එන්නේ අසංග හරහා ය.ඒ දේවල් ක්‍රියාවට නංවන්නට ශ්‍රී ලංකා රගර්වලට බලපෑම් කරන වෙනත් කමිටු යොදවන්න ඇමතිවරයා යෝජනා කරන්නට හදන්නේ,රගර් හී සිට ණය කන්දක් ඉතුරු කර ගිය පිරිස් ය.අසාර්ථක වූ පාළකයෝය.ණය පියවමින් සිටින මොහොතක සාර්ථක ගමණක් යමින් සිටින මොහොතක එසේ කරන්නට නොහැකි වූ පිරිස් තිරිංගවලට යොදා සාර්ථක ගමණක් නැවතිමෙන් ක්‍රිඩා අමාත්‍යවරයා මේ රටේ ක්‍රීඩාවට කරන්නේ සේවයක්ද යන්න තමන්ගේම හදවතින් අසා ගත යුතුය.

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අසන්නට ඇත්තේ සරල පැනයකි.දැන් නාමල් රාජපක්ෂ තහනම් කර ගැසූ ගැසට් පත්‍රය පදනම් විරහිතය.ඒ උත්සාහයේ තිබුණේ කකුලෙන් ඇඳ වෙට්ටු දැමීමක්ය.දැන් ඇත්තේ රිස්ලි ඉල්ලියාස් සහ දලායි අතර පෞද්ගලික කෝන්තරයක්ය.එයට දිය පොහොර දමන්නෝද මෙහි රගර් පරිපාලනයේ සිටි අසාර්ථක චෝදනා ඇති පුද්ගලයෝය.දැන් අමාත්‍යවරයා කිව යුත්තේ රගර් කර ඇති වරදය.දලායි සමඟ තරහ නිසා අසංගට එතැන සැකසූ ඉඩ නිසා ඔහු තරහ වීම සාමාන්‍ය තත්ත්වයකි.නමුත් අමාත්‍යවරයාට ද එවැනි වාසිදායක තත්ත්වයක් ඇද්ද?නැතිනම් අමාත්‍යවරයා වෙනත් වරදක් නැති තත්ත්වයක ශ්‍රී ලංකා රගර් හොඳ ගමණක් යද්දී ඔවුන්ට සහය නොදී වෙට්ටු දමන්නම උථ්සාහ කරන්නේ ඇයි?

ක්‍රීඩා අමාත්‍යවරයාට හැකිනම් “ආසියානු රගර් සභාපතිගේ සහ ශ්‍රී ලංකා රගර් සභාපතිගේ පෞද්ගලික කෝන්තරය හැරෙන්නට රටේ රගර් ක්‍රීඩාවට වත්මන් පරිපාලනය මේ දක්වා හිටපු පරිපාලනයන්ට වඩා හොඳින් රගර් පරිපාලනය කර නැද්ද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය.ඔවුන්ව තහනම් කරන්නට,ඔවුන්ට බාධා කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයා උත්සාහ ගන්නේ ආසියානු සභාපතිවරයා සමඟ ඇති පෞද්ගලික ප්‍රශ්නයකට නොවේනම් අමාත්‍යවරයා එය පැහැදිළිව කිව යුතුය.

කොපමණ මුදලක් ණය ද? නැතිනම් තමා වටේ තියාගෙන සිටින හිටපු රගර් පරිපාලකයන් හිස් කර ණය කර තිබූ රගර් ගිණුම දැන් වෙනදාට වඩා පොහොසත් කර ඇද්ද?කොපඹන තරගාවලි ප්‍රමාණයක් නොපවත්වා ඇද්ද?අලුත් තරගාවලි ආරම්භ කර නැද්ද?අලුත් අවස්ථාවන් නිර්මාණය කර සහ අලුත් කණ්ඩායම් රගර් පිටියට ගෙනවිත් නැද්ද?

ක්‍රිඩා අමාත්‍යවරයාට කියන්නට ඇත්තේ වත්මන් පරිපාලනය මේ සියලු දේවල් කර නැත්තේ කියා නෙවේය.කර ඇති බවය.

එහෙනම් තහනම් කරන්නෙ?

අප මුල සිටම ඇමතිවරයාගෙන් අහන ප්‍රශ්නය මෙය ය.
හැකිනම් අසාර්ථක පාළකයන්ව සිටි පුද්ගලයින්,ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් තවමත් ජාත්‍යන්තර වශයෙන් ද ක්‍රීඩාව හා බැදී සිටින පුද්ගලයින්ට ශ්‍රී ලංකා රගර් සමඟ සම්බන්ධවීමට ඉඩ නොදෙන බවට තීරණයක් ගෙන ජාත්‍යන්තරයට දැණුම් දෙන්න.වෙනත් රටක මිනිස්සු තමන්ගේ රටට ක්‍රීඩා කරවා රටම අපකීර්තියට පත් කළ අයෙක්ට ක්‍රීඩා පණත යටතේ නොව ලෝකයේ ඕනෑම නීති පද්ධතියක දඬුවම් කරන්නට ඉඩක් ඇත.එය ප්‍රයෝජනය ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට පුළුවන් ද?එහෙම නැත්නම් එවැන්නන්ට රටේ නමත් සමඟ ජාත්‍යන්තරයට යන්නට ඉඩ දී ඔවුන් සමඟ කරට අත දාගෙන හොඳට කරන උන්ට ගසා පන්නනවාද?

මිට දින කිහිපයකට පෙර අර්ජුන ට යන්නැයි ලියූ සුදත් චන්ද්‍රසේකර ඇමතිගේ උපදේශකය.ඔන්න අපි හරියටම ලංකාවේ ක්‍රීඩා ඇමති රගර්වලින් නොමඟ යන අය පෙන්නා දී ඇත.පුළුවන්නම් රනිල් ජනාධිපතිවරයාටත් කියා ක්‍රීඩා ඇමතිට හරිම උපදේශය දෙන්න අපි සුදත් ට ද යෝජනා කරන්නෙමු.ආගමන විගමන නීතිය උල්ලංඝණය කරලත් රටේ ක්‍රීඩා ඇමතිලා නිදා ගෙන සිටි නිසා ආසියාවේ පුටුවකට හේත්තු වෙන්නට පුළුවන් වූ අසංග සහ අසාර්ථක පාලන ඉතිහාසයක් ඇති පිරිස් සමඟ ලංකාවේ රගර්වලට වැඩේ දෙන්නට තමන් උපදෙස් දෙන ක්‍රීඩා ඇමතිවරයා පියවරෙන් පියවර සමීප වෙන බවට දැනෙන ආරංචිය ගැන සුදත් ට සොයා බැලිය හැකිය.
“ලංකාවේ දුප්පත්,නොදියුණු මනසක් ඇති ඇමති ඔළු ආසා කරන විදිහට රිස්ලි ඉල්ලියාස්ලා “අනේ ස්ර් මට හිමි තැන දෙන්න කියා” ඇමති දොරකඩ ඇමති දොල පිනවන්නටනම් නො’එනු ඇත.ඔවුන් වැරදි නිවැරදි කර ගන්නට හරිම විදිහට හිටගන්නේ මේ රටේ ස්වාධීණ අධිකරන පද්ධතිය ඉදිරියේ ය.ඔවුන් ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ නීති පද්ධතියට එකඟව සහ අනුගතව වැඩ කර ඇති නිසා ලංකාවේ රගර් හොල්ලන්න හදන දලායි ට මේ වන තුරුත් ජාත්‍යන්තරයට ගොස් එම තහනම අනුමත කරවාගෙන ක්‍රියාත්මක කරන්නට බැරි වී ඇත.එසේම ආසියානු සම්මේලනයද චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකර සහ නීත්‍යාණුකූල පදනමකින් තොරව රිස්ලි ඉල්ලියාස් වෙත පනවා ඇති වාරණය වැරදි දැයි පරික්ෂා කරන්නට ආසියානු සම්මේලනයම තීරණය කර ඇත.

ලංකාවේ සහ මැද පෙරදිග ගෝත්‍රික ඔළුවල පෞද්ගලිකත්වයේ මමත්ව හැඟීම් ජාත්‍යන්තරයේ දී බලය වන්නේ නැත.ඒ සඳහා අවශ්‍යය පසුබිමක් ඇත.නීතියක් ඇත.යුක්තියක් ඇත.ජාතියක් ආගමක් ජන්මයක් සළකන්නේ නැත.අඩුම තරමේ මේ සංස්කෘතියේ රනිල් අසළින් සිටි සුදත් චන්ද්‍රසේකරට රොෂාන් රණසිංහට වඩා ආදර්ශ සහිත අත්දැකීම් ඇත.ඒ නිසා වරද ගිරවාගේ නොව හොර මුලේ බව තේරුම් ගෙන සුදත් හෝ ඔහු සතුව ඇතැයි පවසන බලය යොදා ක්‍රීඩා අමාත්‍යවරයාව හරි තැනට ගෙන්නේනම් යහපත්ය.නැතිනම් තහනම් වන හැම ක්‍රීඩාවක් හරහාම කළ ද නොකළ ද වැරදි උපදෙස් දුන් බව ද සමාජ ගතවීම නොවැළක්විය හැකිය.

ප්‍රධාන ඡායාරූපයේ දෙකළවර සිටින්නේ සභාපති දලායි සහ ශ්‍රී ලංකාවේ අසංග සෙනවිරත්න ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan