නෙත්මිට පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමට වඩා වටින දිණුමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 15, කොළඹ (LNW): සමහර විට සමහර ඉසව්වල පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි පදක්කමකට වඩා ආසියානු මට්ටමේ පදක්කමක් ආසන්නයට පැමිණීම වැදගත් විය හැකියි.ආසියානු ආධිපත්‍යයක් තිබෙන ඇතැම් ඉසව්වල එම ආධිපත්‍යය දරන රටවල් විශාල ප්‍රමාණයක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය නොකිරීම ඊට හේතුවයි.ඒ ආකාරයෙන් බලන විට ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට හිමි වූ පළමු මල්ලව පොර පදක්කම දිනා දුන් නෙත්මි අහිංසා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදී හමුනොවන මල්ලව පොර ක්‍රීඩාවේ දැවන්ත ආසියානු සංස්කෘතිය සමඟ තරග කරමින් ලෝකඩ පදක්කමක් වෙනුවෙන් සටන් කිරීම දක්වා පිවිසීම පදක්කමක් අහිමි වුණත් ඇයගේ ක්‍රීඩා ජීවිතයේ විශිෂ්ඨත්වය කදිමට පිළිඹිඹු කරන අවස්ථාවකි.


මේ තරගයේ පදක්කම් සඳහා අවසානයේ තරග වැදුණු ක්‍රීඩිකාවන් හය දෙනා අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කළේ ඉන්දියාවේ අංජු සහ ශ්‍රී ලංකාවේ නෙත්මි පමණි.ඒ අතරින් අංජු රිදි පදක්කම දිනා ගත් අතර නෙත්මි ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දී හිටපු ආසියානු සූරියක වූ චුන් ලෙයි හමුවේ ලකුණු 2-0 ක් ලෙස සියුම් පරාජයක් ලැබුවාය.මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ උතුරු කොරියාව නියෝජනය කරන ජි හ්යෑන්ග් කිම් ය.ලෝකඩ පදක්කම් චීනයේ ලෙයි හැරුණු විට හිමිකර ගැනීමට සමත් වූයේ මොංගෝලියාව නියෝජනය කළ එට්ගුන්ටොයා චින්බෝල්ඩ් ය.


නෙත්මි මේ තරගාවලියේ දී කසකස්තාන ක්‍රීඩිකා අයාශාන් මාර්කසේවා 12 – 1 ක් ලෙස ද පිලීපීන ක්‍රීඩිකා අලිහා රෝස් ගුවාරේස් 12 – 1 ක් ලෙස ද පරාජයට පත් කළාය.නෙත්මි පරාජයට පත් වුණේ රිදී පදක්කම්ලාභී ඉන්දියාවේ අන්ජු වෙතින් 14 – 4 ට සහ චීනයේ ලෙයි වෙතින් 2-0 ට පමණි.අත්දැකීම් බහුල 31 හැවිරිදි චීන ක්‍රීඩිකාව සමඟ තරගයේ දී 19 හැවිරිදි නෙත්මි ක්‍රීඩා කළ අභීත විලාසය ජයග්‍රාහි චීන ක්‍රීඩිකාවට වඩා විචාරක ආකර්ශණයට ලක් විය.ඔවුන් එය හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ මල්ලව පොර ක්‍රීඩාව ලද ජයග්‍රහණයක් හැටියටය.නෙත්මි සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් දෙන එම නිර්වචන හරහා පැහැදිළි වන අනාගත පලදායීතාවය ශ්‍රී ලාංකේය ක්‍රීඩා බලධාරීන්ට ද තේරුම් ගැනීමට හැකිනම් ඇයව පහසුකම් සහිතව අඛණ්ඩව විදේශ පුහුණුවකට යොමු කර ශ්‍රී ලංකාවේ මල්ලව පොර ක්‍රීඩාවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු ඇත.

අවසාන හය දෙනා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...