නවතා ගත නොහැකිව වේදිකාව කඩාගෙන ආ දුම්රිය!

0
1741

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15, කොළඹ (LNW): අද (15) පස්වරු 2.35 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන පැමිණ ඇති බවට වාර්තා වේ.

එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුවතිබුණේ නැති අතර , දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානි වී තිබෙන බව පැවසේ.