*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ගෝටාගෝගම අවුරුදු අසිරිය රට තුළ පැතිරේවා!

හෙළයේ අසිරිමත් ජාතික මහෝත්සවය වශයෙන් හැඳින්වෙන සිංහල සහ හින්දු සිංහල සහ දෙමළ යනුවෙන් හැඳින්වෙන අලුත් අවුරුද්දක් උදා වී තිබේ.මෙය අනාදිමත් කාලයකට පෙර අප සමාජයේ පැවැති සූර්ය වන්දනාවක් මත පදනම් වූ අස්වනු මංගල්‍යයක පරිනාමයක් හෝ විපරිනාමයක් බව පෙනෙයි.

එමෙන්ම නැකත් පදනම් කර ගත් මෙම අලුත් අවුරුද්දේ වර්තමාන ස්වරූපය මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ සිට පැවත එන්නක් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.නමුදු අද වන විට මෙම උත්සවයේ මුඛ්‍ය හරය වන සදාචාර ප්‍රවර්ධනය හුදු සංකේතාත්මක අංග බවට පත් ව තිබේ.

ඒ වෙනුවට අද වන විට මෙම උත්සවය සමාගම් කරුවන් විසින් මෙහෙයවනු ලබන පාරිභෝගික සැණකෙළියක් බවට පත් ව ඇති අන්දම ඒ දෙස විචාරශීලීව බැලීමේ දී පෙනී යනු ඇත.එමෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේ මාධ්‍ය මඟින් සිදු කරනු ලබන ජනතා කුළුගැන්වීම් පිටුපස ද මහා පරිමාණ සමාගම් කරුවන් සිටින බව ප්‍රසිද්ධ රහසකි.

අලුත් අවුරුද්දේ සමාජමය යහභාවිතාවක් වන පැරැණි ණය තුරුස් ගෙවා දැමීම අලුත් අවුරුද්දේ අධි පරිභෝජනය උදෙසා ණය විය යුතුමය යනුවෙන් උඩු යටිකුරු කොට ඇත්තේ මෙම ව්‍යාපාර හා ජාවාරම්කාර ප්‍රජාව විසිනි.ඒ අනුව වසරේ වැඩිම ක්‍රෙඩිට් කාඩ් හෙවත් ණය පත් භාවිතය මඟින් සිංහල අවුරුද්ද මුල් කොට අති විශාල පිරිසක් ණය කරුවන් කිරීමේ ජාතික ඛේදවාචකය සම්බන්ධයෙන් කිසිවකුත් ප්‍රසිද්ධියේ කතා නොකරති. මෙහි දී මා මෙම උත්සව සැමරුම සිංහල අලුත් අවුරුද්ද වශයෙන් පමණක් හඳුන්වනුයේ මීට අප රටේ දෙමළ ප්‍රජාව කිසි ලෙසකින් ආඳා ගැනීම බරපතල වරදක් බැවිනි.

මෙය සිංහල හා දෙමළ නැතහොත් සිංහල හා හින්දු යනුවෙන් එකම නාමකරණයකට ලක් කළ ද අඩුම තරමින් එම ජනතාව මෙම උත්සව සැමරුම සඳහා සිංහල බෞද්ධයන් පදනම් කර ගන්නා නැකත් සීට්ටුව වත් පිළිනොගන්නා බව බොහෝ දෙනෙක් නොදත් සත්‍යයකි.චිත්‍රා මාසයේ අවුරුද්ද හෙවත් “චිත්තරෙයි පුත්තාණ්ඩු” යනුවෙන් හඳුන්වන මෙය ඔවුනට එක් දිනකට සීමාවන සරල චාම් ආගමික සංස්කෘතික සැමරුමක් පමණි.

වරක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ(නාරා) ජ්‍යෙෂ්ඨ සාගර විදාඥ ආචාර්ය කේ අරුලානන්දන්ගේ පේදුරු තුඩුවේ පිහිටි “මහ ගෙදර” චිත්තරෙයි පුත්තාණ්ඩු සැමරුමකට එක් වූ මට ඒ දිනයේ එහි සිට මෙරට රූපවාහිනී වැනල මඟින් ප්‍රචාරය වන අලුත් අවුරුදු වැඩ සටහනක් නැරඹීමට අවකාශ ලැබිණ.

එහි දී මෙය සිංහල දෙමළ සියළු ජනතාව එක් ව සමරන උත්සවයක් බව කියනු ඇසීමෙන් මා තුළ ඇති වූයේ මහත් ලජ්ජාවකි.එය හරියට උරගයන්ගේ හා සමනලුන් අතර පවත්නා සමානතා හුවා දැක්වීමට දැරූ වෑයමක් බවත් අපේ මාධ්‍ය කරුවන් ඒවාට එක් වන “ප්‍රාසාංගික විද්වතුන්”හා එක්ව මෙරට සිංහල ජනතාවට දෙන කාටත් වැටහෙන ලෙසින් කිවහොත්”:මෝඩ චූන් එකක්”බවත් මට ඒ මොහොතේ “උස්මුරුත්තාවටම” වැටහිණ.නමුත් මගේ වාසනාවට ඒ මොහොතේ මගේ මිතුරු “අරූල්”හැරුණු කොට සිංහල දත් කිසිවකුත් එහි නොසිටියහ.

යථාර්ථය සඟවා සිදු කරනු ලබන මෙකී නොකී සියලු ආකාර වල ජනතාව මුලා කිරීම් මත අද වන විට අපේ රට රාජ්‍යයක් වශයෙන්ම ඉතා වේගයෙන් ලොව පහත්ම අඩියකට වැටෙමින් තිබේ.විශේෂයෙන් තවමත් අපේ රට පාලනය කිරීම “රජ වරුන්” විසින් කළ යුතුය යන ආචීර්ණ කල්පික වැඩවසම්වාදී චින්තනය මත මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අතික්‍රමණය ඉස්මතු කරමින් මතු වූ දේශපාලන පවුල් වාදය අද වන විට සමස්ත ජාතියම විනාශ කරන පිළිකාවක් බවට පත් ව තිබේ.

එයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක වූ දේශපාලන ප්‍රවාහ මඟින් එම ඛේදවාචකයට නිසි විසඳුමක් නොලැබෙන බව වටහා ගත් මෙරට තරුණ බලය අද වන විට අන් සියලු බලවේග පරදවා එම විනාශයට එරෙහි නිර්පාක්ෂික බලමුළුවක් ලෙස ඒකරාශී වී තිබේ.ඒ අනුව,ජනාධිපති වරයා ඇතුළු තවත් වැඩිම පිරිසක් නියෝජනය කරමින් මෙරට දේශපාලනය තුළ “අටුවන් බැස ගත්” වැඩවසම් චින්තනයෙන් හෙබි රාජපක්ෂ පවුල් වෘක්ෂය මෙරට දේශපාලන බිමෙන් උදුරා දැමිය යුතුය යන අරමුණ පෙරදැරි කරගත් කිසිදු දේශපාලනික,පුද්ගල නායකත්වයකින් තොර ජාති හෝ ආගම් භේද වලින් විනිර්මුක්ත මෙම ජන අරගලය මෙහෙයවන තරුණයන්ට පසුගිය දා අගමැති වරයාගෙන් ද ඇරයුමක් ලැබිණ.එමඟින් පැවසුණේ එම තරුණ ප්‍රජාවේ “වටිනා අදහස්” ද යොදා ගෙන වත්මන් අර්බුදය විසඳීම පිණිස එම තරුණ පිරිසට තමන් හා සාකච්ඡාවකට එන ලෙස ය.නමුත් පැහැදිලි නායකත්වයක් හෝ සංවිධාන ව්‍යුහයක් නොමැති මේ තරුණ ඒක රාශීත්වය විසින් අගමැති වරයාගේ එම ඉල්ලීම සාමූහිකව ප්‍රතික්ෂේප කොට තිබිණ.ඒ “ක්‍රියාවකින් සිදු කළ යුතු වෙනසක් කතාවකින් කළ නොහැකි” බව පවසමිනි.

සැබැවින්ම එය නම් අග්‍රාමාත්‍ය වරයාගේ පාර්ශය කී අන්දමටම වටිනා අදහසකි.ඒ අනුව අද ජාතියේ දුවා දරුවන්ගේ එම විදග්ධ චින්තනය සහ දැක්ම අද වන විට බේබිලා නමින් හැඳින්වෙමින් අයුතු සමාජ පරප්‍රසාද ප්‍රසිද්ධියේ භුක්ති විඳින තම දරුවන්ගේ මුග්ධ පටු චින්තනයට සමාන කිරීම අගමැති වරයා අතින් සිදුවන බරපතල වරදකි. සිංහල අලුත් අවුරුද්ද ග්‍රාම කේන්ද්‍රීය උත්සවයකි.මෙවර සිංහල අලුත් අවුරුද්දේ පවතින දරුණු ආර්ථික පීඩනය මත මෙරට සියලු ගම්මාන මුකුළිත වන අතරේ අතිශය ක්‍රියාශීලී ලෙස පිබිදෙන එක් ගම්මානයක් තිබේ.

ඒ ජනාධිපති වරයාට තනතුරින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලන තරුණ ප්‍රජාව නේවාසික උද්ඝෝෂණය කරන කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ ගාලු මුවදොර පිටියේ එම තරුණයන් විසින්ම නම් කරන ලද ගෝටාගෝගම ය.

මේ වන විට එහි සිට දියත් කෙරෙන එම ජන අරගලය සඳහා මේ වන විට සමාජයේ සෑම ජන කොටසකගේම දායකත්වය ලැබෙමින් තිබේ.එමෙන්ම මා වරක් “චිත්තරෙයි පුත්තාණ්ඩු”සැමරුමකට එක් වූ පේදුරු තුඩුවේ සිට දෙමළ ජාතික නිර්පාක්ෂික තරුණ පිරිසක් ද එහි සිට ගෝටාගෝගමට නෑ ගම් එනුයේ හුදෙක් අව්‍යාජත්වයේ දෑත් දිගු කරමිනි.

ඒ අනුව මෙවර අලුත් අවුරුද්ද සූර්ය වන්දනාව මත පදනම් වීම කෙසේ වෙතත් මෙතෙක් මෙරට දේශපාලනඥයන් විසින් ඇති කරන ලද ආර්ථික සමාජ ඝනඳුර දුරු කරන සැබෑම සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වීමේ සහන් එළිය දැන් දැන් පෙනෙන්නට පටන් ගෙන තිබේ.ඒ අනුව ගෝටාගෝගමින් දෙන අවුරුදු පණිඩිඩය සැම ජන හදවතකම සනිටුහන් වී අපටත් රටටත් මතු යහපතක්,ඉෂ්ඨාර්ථ සිද්ධියක්ම උදාවේවා! යනුවෙන් අපි දු පතමු.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan