*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ණය පැහැර හැරීමේ තීන්දුව මේ තුන්කට්ටුව ගත්තේ කාගේ අනුමැතිය ඇතිවද ?

ඉතිහාසයේ පළමු වරට විදේශ ණය නොගෙවා පැහැර හැරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය 12 වනදා ගත් තීරණය කැබිනට් අනුමැතියක් තබා කිසිදු කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් සාකච්ඡාවකින් තොරව ගත් එකක් බව ආරංචිමාර්ග පවසයි.

අප්‍රේල් 12 වනදා උදෑසන මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන තිදෙනා මුදල් අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡාවක් පවත්වා තිබුණු අතර එදින සවස සිට විදේශ ණය ගෙවීම නතර කිරීමට එහිදී ඔවුන් තිදෙනා තීරණය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේ මේ තිදෙනා විසින් ගත් තීන්දුව විගසින් ලෝකයට දන්වා ක්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි.

මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසන ආකාරයට, රටේ මිලියන 22ක සමස්ත ජනතාවටම බලපාන මෙවැනි අතිශය බරපතළ තීන්දුවක් ගැනීමේදී ඔවුන් මීට අදාළව රටේ විධායකය වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් හෝ අඩු වශයෙන් කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් සාකච්ඡාවක් හෝ ලබාගෙන නොමැති අතර අවම වශයෙන් රටේ අග්‍රාමාත්‍යවරයාටවත් ඒ ගැන දැනුම්දීමක්වත් කර නැත !

දැවැන්ත ලෙස සහ දිගුකාලීනව රටට බලපාන මෙවැනි අතිශයින් වැදගත් තීන්දුවක් ගන්නේ නම් එය කැබිනට් මණ්ඩලය විසින් අනිවාර්යයෙන්ම අනුමත කළ යුතුය. තව ද පාර්ලිමේන්තුව විසින් ණය ගෙවීම සඳහා සියලුම මුදල් වසර මුලදීම වෙන්කරන නිසා, යම් ණයක් හෝ ණය සියල්ල නොගෙවා සිටින්නට රජය තීරණය කරන්නේ නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ද අනිවාර්යයෙන්ම ලබාගත යුතුව ඇත. එහෙත් අලි සබ්‍රි, නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන තිදෙනා රටේ අනාගතය සම්බන්ධයෙන්, ජනතාවගේ ජීවිතය සහ මරණය සම්බන්ධයෙන්, හෙට උපදින දරුවන් සම්බන්ධයෙන් බලපාන මේ අතිශය තීරණාත්මක තීන්දුව ගෙන ඇත්තේ ඉහත කිසිදු පියවරක් නොගෙන, ඒ කිසිවක් තඹයකට නොතකා ය.

ශ්‍රී ලංකා රජයේ ණය පැහැර හැරීමේ ක්‍රියාවලිය හරහා මීළඟට සිදු වන්නේ කුමක්ද ?

  1. ඉදිරියේ දී කිසිම ණයවර ලිපියක් කිසිදු ශ්‍රී ලාංකික බැංකුවකට විවෘත කිරීම නොහැකි වනු ඇත ‍
  2. ජාත්‍යන්තර ණය ශ්‍රේණි වලින් ශ්‍රී ලංකාව ණය පැහැර හැර ගිය රටක් වශයෙන් අන්තිම ශ්‍රේණියට පත් වනු ඇත
  3. සියලුම ශ්‍රී ලාංකික බැංකුවලට විදේශ බැංකුවලින් ලබාදී තිබෙන සෑම ණයක්ම ඉතා ඉක්මනින් නැවත ගෙවන්නට උපදෙස් ලැබෙනු ඇත
  4. රුපියලේ අගය කිසි ආකාරයකට පවත්වාගෙන යාමට හෝ පාලනය කර ගැනීමට හැකියාවක් නැති වේ
  5. 2022 අප්‍රේල් 8 වැනිදා මුදල් මණ්ඩලය විසින් වැඩි කරන ලද ඓතිහාසික පොලී අනුපාතය වූ 7% අගය, තවත් 12% කින් පමණ වහා වැඩි කරන්නට මුදල් මණ්ඩලයට සිදු වනු ඇත
  1. මෙලෙස විනිමය සහ පොලී අනුපාතය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වීම හරහා සහ සියලු ආනයන සිදු කිරීමට ව්‍යාපාර සහ පුද්ගලයින් අපොහොසත් වීම නිසා, රටේ සියලුම ව්‍යාපාර පාහේ ඇස් ඉදිරිපිට කඩා වැටීමේ අවදානමක් මතුවීම

7.එවන් තත්වයක් තුළ ජනතාව ඉබේම පාරට වැටීම

  1. සති කීපයකින් රැකියා විශාල වශයෙන් අහිමි වීමට පටන් ගැනීමේ අනතුර
  2. සති තුන හතරකින් සියලුම සුපිරි වෙළඳසැල්වල කිසිදු ආනයනික භාණ්ඩයක් නොමැති තත්වයක් උද්ගත වනු ඇත
  3. ඉන්ධන, ගෑස්, ඖෂධ, ගල් අඟුරු සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තවදුරටත් උග්‍ර වීම

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවට ය. ජනතාව තමන් නියෝජනය කිරීම සඳහා තම ඡන්දයෙන් මහජන නියෝජිතයින් පිරිසක් තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන අතර රටේ මුදල් පිළිබඳ තීන්දු ගැනීමේ පූර්ණ බලය ඇත්තේ එම පාර්ලිමේන්තුවට ය. එවිට ඒ කිසිත් නොතකා මෙවැනි අතිශය බරපතළ විපාක ගෙන දෙන තීන්දුවක් මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යන තිදෙනා තනිවම ගත්තේ කෙසේද ?

මුදල් ඇමති මොහොමඩ් අලි සබ්‍රි මහතා පවා සෘජුවම ජනතා ඡන්දයෙන් තේරී පත්වූ අයෙකු නොව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අයෙකි. අනෙක් දෙදෙනා කොහෙත්ම මහජන නියෝජිතයින් නොවන නිලධාරීන් ය. නූපන් දරුවන්ට පවා දරුණු ලෙස බලපාන පරිදි රටේ ණය පැහැර හැරීමේ තීන්දුවක් මේ තිදෙනාට ගත හැකි නම් රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් වී ඇත්ද ?

මේ අතරම ආර්ථික ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග අනුව, මේ තිදෙනාගේ මේ තීරණය හරහා රටට තවදුරටත් හානි රැසක් සිදුවීමට මග පෑදේ. ඒ පිළිබඳව ද ඉදිරියේදී ආර්ථික තාක්ෂණික මට්ටමෙන් විග්‍රහයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

පිළිතුරු දීමේ අයිතිය –

මේ සම්බන්ධයෙන් මීට අදාළ ඕනෑම පාර්ශ්වයකට කරුණු දැක්වීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් ඔවුන් එවන ඕනෑම පිළිතුරක් සංස්කරණයකින් තොරවම පළකිරීමට ලංකා නිව්ස් වෙබ් අප සූදානම් ය.

සබැඳි පුවත් –

http://139.59.240.222/04/14/13688/

http://139.59.240.222/04/13/13650/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan