දැඩි මූල්‍ය අර්බුදය මැද්දේ ගුවන් යානා 21ක් බද්දට ගැනීමට ශ්‍රී ලංකන් සැරසෙයි !

Date:

දිගු කාලීන බදු පදනම මත ගුවන් යානා 21ක් ලබාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව ඒ සඳහා එම සමාගම මිල ගණන් කැඳවා ඇති බව සඳහන්.

ඉදිරි වසර 3 ඇතුළත සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ නැංවීමේ අරමුණින් යුතුව මෙසේ ගුවන් යානා 21ක් බද්දට ගැනීමට කටයුතු කරන බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.

රජයට අයත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙසේ ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇත්තේ රට තුළ උඝ්ර මූල්‍ය අර්බුදයක් පැන නැඟී ඇති අවස්ථාවක වීම විශේෂත්වයකි.

එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම යනු වාර්ෂිකව අතිවිශාල පාඩුවක් ලබන රාජ්‍ය ආයතනයක් ද වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...

ඩී. එස්. ආදි සිසුවා අයර්ලන්තයෙන් කළ ඉල්ලීම මල් ඵල දරයි: යුරෝ ලක්ෂ 05ක ක්ෂණික ආධාරයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...