ගෝල්ෆේස් විරෝධතාව මැද ධමිම්ක ප්‍රසාද් සත්‍යග්‍රහයක් අරඹයි

Date:

ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද (15) ගාලුමුවදොර විරෝධතා මධ්‍යස්ථානයේදී පැය 24ක කාලයක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

පාස්කු ප්‍රහාරයට වසර තුනක් ගතව ඇතත් තවමත් ඊට යුක්තිය ඉටු නොවීම මෙන්ම රටේ පවතින වර්තමාන තත්ත්වයට විසඳුම් ඉල්ලායි ඔහු මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත්තේ.

මේ වන විට ජනතාව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව තිබෙන අතර එම ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

එමෙන්ම තරුණ ප්‍රජාව විසින් ගාලුමුවදොර පිටියේදී අඛණ්ඩව ගෙන යන අරගලයට තමන්ටද සහය දැක්වීමට අවශ්‍ය බැවින් එයද මෙම සත්‍යග්‍රහයටහේතු වූ බව ඔහු සඳහන් කරයි.

”විශ්වාස කරනවා ඉතාම ඉක්මණින් රට ස්ථාවර වෙලා රටේ පවතින හැම දෙයක්ම වෙනුවෙන් නිසි පිළිතුරක් සහ සාධාරණයක් ලැබේවි යන්න බලාපොරොත්තු වෙනවා. අපි සියලුම දෙනාගේ ළමයින් වෙනුවෙන් මෙය සුරක්ෂිත විය යුතුයි. මෙය සුරක්ෂිත නොවුණොත් අපිට ඉන්න හිටින්න රටක් නැති වෙනවා. ලාංකිකයෝ විදිහට අපිට තියෙන්නේ එකම රටයි. සිංහලයෝ විදිහට අපිට තියෙන්නේ එකම රටයි. මම මේ රටේ ඉපදුණා නම් සාමකාමීව මැරෙන්නත් ඕනේ මේ රටේ. ඒ යුතුකම ඉටුකරන්න තමයි මම හැමදෙනාම වෙනුවෙන් අද මේ පැය 24ක් සංකේතාත්මකව මේ සත්‍යග්‍රහයේ යෙදෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...