සුඩානය ‘ලෝකයේ විශාලතම මානුෂීය අර්බුදයට’ මුහුණ දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානය ලොව විශාලතම මානුෂීය අර්බුදයෙන් පිඩා විදින බවත්, ජාත්‍යන්තර ප්‍රජාවගේ අක්‍රියතාවය හේතුවෙන් එහි සිවිල් වැසියන් තවමත් වන්දි ගෙවමින් සිටින බව රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

සුඩාන හමුදාව සහ (RFS) පැරාමිලිටරි ක්ෂණික සහායක හමුදා අතර රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් පවතින සටන් හේතුවෙන් සුඩානයේ මිලියන 51කට අධික ජනතාවක් අවතැන්වී ඇති අතර රටේ සිවිල් යුද්ධය දැන් වසර තුනක් පුරාවට සිදු වෙමින් තිබේ.

මෙම ව්‍යසනකාරී යුද්ධය හේතුවෙන් දස දහස් ගණනක් මිය ගොස් ඇති බව වාර්තාවන අතර ලක්ෂ ගණනක් සාගතයකට මුහුණ දී සිටියි. මිලියන 13 කට ආසන්න ජනතාවක් අවතැන් වී ඇති අතර, ඉන් මිලියන 4 ක් අසල්වැසි රටවලට පලා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් ඔක්ස්ෆෑම් හි කලාපීය උපදේශක කළමනාකරු එලිස් නල්බන්ඩියන් සඳහන් කර තිබුණේ, සුඩානයේ තත්වය වෙන කවරදාටත් වඩා නරක අතට සිදු වෙමින් පවතින බවත්, විශාලතම මානුෂීය අර්බුදය, විශාලතම අවතැන්වීමේ අර්බුදය, විශාලතම කුසගින්න අර්බුදය, සරණාගතයින් කාන්තාවන් සහ ගැහැණු ළමයින් සමූහ දූෂණයට ලක්වීම් ආදී සියලු ආකාරයේ වාර්තා බිඳ දමමින් සිටින බවයි.

ඩාර්ෆූර් හි සාගතයක් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ කිහිපයකින් එකක් වන්නේ එල් ෆෂර් ය. එහි ජනගහනය 637,000 ක් පමණ වන අතර සුඩානයේ මිලියන 50 ක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම්, මිලියන 24.6 ක ජනතාවකට ප්‍රමාණවත් ආහාර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...