හෙට උදාවන නැකත!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 15 කොළඹ LNW :

හෙට(16)  එනම් බදාදා පෙරවරු 9.04 ට , අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත යෙදී තිබේ.

ජෝතිෂ්‍යයේ සඳහන් වන්නේ , පච්ච වර්ණ හෙවත් කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොලොං පත්ද තබා, කොහොඹ පත්‍ර මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය යෝග්‍ය බවයි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ, ලබන 17 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.03 ටයි.රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යාම යෝග්‍ය බව ජෝතිෂ්‍යයේ දැක්වේ.

මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී පැවැතිවීමට නියමිත අතර, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවයේ කටයුතු සිදුවෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...