සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයක් අවශ්‍යයි – මාර්ටින් රේසර්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වොෂින්ටනයේ පැවැත්වෙන ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් අතර වාරයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් මහතා අතර හමුවක් සිදුව තිබේ. එහිදී අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව එහිදී ඔහු පවසා තිබේ.

මාර්ටින් රේසර් මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩයක දැක්වෙන්නේ , මෙම හමුවේදී පුනර්ජනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම අපනයන මුල් කරගත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පිළිබඳවද සාකච්ඡා කළ බවයි.

මාර්ටින් රේසර් මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ , ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත්වන බවත් මෙරට යථාතත්ත්වයට පත්කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහය ලබාදෙන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...