විශේෂ ගමන්වාර බස්රථ කිහිපයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ගමන්වාර බස්රථ කිහිපයක්ම සූදානම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසූ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ, දුරගමන් සේවා සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් අද (15) සිට ක්‍රියාත්මක කෙරෙන බවය.

මේ අතර අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් වෙත යාම සඳහා කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසුම අසල අද පෙරවරුවේ දැඩි රථවාහව තදබදයක් පැවති අතර , එමෙන්ම අද පෙරවරුවේ පොදු ප්‍රවාහනයේ යම් අඩුවක් දක්නට ලැබුණි.

ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

“අද බස් ධාවනය වෙන්නේ 25% වගේ ප්‍රමාණයක. හෙට 50%ක වගේ බස් ප්‍රමාණයක් ධාවනය වෙයි. ඒ අනුව ගම්බිම් බලාගිය ජනතාවට ඉක්මනටම කොළඹ එන්න පුළුවන් වෙයි.”

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා,

“අද සිට පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. හෙට උදෑසන බදුල්ල සහ ගාල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය දෙකක් සහ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රියකුත් ධාවනය කෙරෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...