හර්ෂිතා විස්සයි විස්සෙ විස්සෙන් මෙහාට- සුගන්ධි පිමි 15 ක් ඉදරියට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 16, කොළඹ (LNW):ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව,ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැනෙන වෙනසක් ඇති කරමින් ඇත.තමන්ට වඩා ඉහළ ශ්‍රේණියක සිටින කණ්ඩායම් තුනක්ම විස්සයි විස්ස පන්දු පිටියේදී පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකි වී ඇත.ඇතැම් අය විස්සයි විස්ස ක්‍රිකට් පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කළත් එය වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට රටවල් ආකර්ශණය කරගත හැකි ආකෘතියක් බව ඔප්පු වෙමින් ඇත.විශේෂයෙන් කාලය අඩුවෙන් වැයවීම මෙන්ම අඩු කාලයකින් වැඩ මුදලක් ඉපැයීමට හැකි වීම නිසා විස්සයි විස්ස යනු වෙළඳ ආකර්ශණය වැඩි එමෙන්ම අනිත් ආකෘතිවල ක්‍රිකට් සඳහා ද වානිජමය ආකර්ශණයක් ඇති කරන සුළු ක්‍රීඩා ආකෘතියක් බවට පත්ව තිබෙන අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද එහි කැපී පෙණෙන වෙනස්කමක් ඇති කරන්නට දායකවෙමින් ඇත.


ඒ අතර චමරි අතපත්තු ලෝකයේ ප්‍රහාරිකාවන් අතර ඉදිරියෙන්ම සිටින අතර ඇය ඉකුත් වසරේ අයිසීසී සම්මාන උළෙලේ දි හොඳම ක්‍රීඩිකාව බවට පත් වූවාය.එහෙත් ගෙවුණු මාස 10 ඇතුළත චමරි පමණක් නොව තවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ද ලෝකයට අභියෝගයක් වෙමින් වැඩෙමින් තිබෙන බව පැහැදිළි විය.


මේ අලුත් ප්‍රවනතාවන් අතර සිටින දැවන්තම බලපෑම බවට පත්වෙමින් සිටින හර්ෂිතා මාධවී සමරවික්‍රම මේ වන විට කණ්ඩායමේ විශ්වාසය බවට පත් වෙමින් සිටින්නීය.චමරි අතපත්තුගේ දැවන්ත ප්‍රහාරයත් හර්ෂිතා වැන්නියක් පන්දු විනාශ නොකරමින් ලකුණු එකතු කරමින් කඩුල්ල ලබා නොදී ඉණිම ගොඩ නඟන ආකාරයත් මේ වන විට සුලභ දසුනකි.විශේෂයෙන් චමරි අත පය දිග හැර කණ්ඩායමේ ලකුණු වේගය ඉදිරියෙන් තැබූ විට,එතැන් සිට අවශ්‍යය ලකුණු වේගය රැක ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට සෙසු පිතිකාරිණියන් හා මුල් තැන ගන්නී හර්ෂිතා ය.


ඇය නව ලෝක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල මුල් වරට මුල් විස්සෙන් පෙරට පැමිණ ඇත.දැන් ඇයි සිටින්නේ 18 වන තැනය.මේ වසර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය තීරණාත්මක වනු ඇතතචමරි සහ හර්ෂිතා දෙදෙනාගේ දෙයාකාර ආක්‍රමණයන් හරහා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පමණක් නොව ඔවුන් දෙදෙනා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ද ඉදරියට පැමිණෙනු ඇත.


මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන්නට යෙදුණ විස්සයි විස්ස මෙන්ම එක්දින සූරතාවලිවලදී නායකාවක ලෙස ද කැපී පෙණුන හර්ෂිතා පන්දු රැකීමේ දී ද කණ්ඩායමේ සිටින විශ්වාසවන්ත ක්‍රීඩිකාවක් ය.විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 පසු කර සිටින හර්ෂිතා අර්ධ ශතක පහක හිමිකාරියක ද වන්නීය.එසේම ඇය මෙන්ම පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමවලදී පිටියේ විශාල උනන්දුවකින් තරගය තුළ රැදී සිටින්නියක වන සුගන්ධිකා කුමාරි ද පන්දු යවන්නියක් ලෙස දිගු පිම්මක් පැන ඇත.ඇය ද සිය 69 වන විස්සයි විස්ස තරගයේ දී පනස්වන කඩුල්ලට හිමිකම් කියූ අතර ඇය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 15 ක් ඉදරියට පැමිණ මේ වන විට 27 වැන්නියව ඇත.මේ දෙදෙනා ජාත්‍යන්තර පිටියේ මේ ආකාරයට ඉදරියට එද්දී චමරි අතපත්තු පිතිකාරිණියක ලෙස ද ඉනෝකා රණවීර පන්දු යවන්නියක ලෙස ද දක්වන දායකත්වය මත ඉදිරියෙන්ස සිටින පිතිකාරිණිය සහ පන්දු යවන්නිය ලෙස කැපී පෙනෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...