හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ ජීවිතක්ෂ‍යට පත්ව තිබේ.

නිවසේදී විදුලි පරිපථ දෙකක් සම්බන්ධ කිරීමට යාමේදී විදුලි සැර වැදී අනතුරට ලක්වූ ඒ මහතා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ද විය.

මියයන විට ඒ මහතා 64 වැනි වියේ පසුවිය.

සාමාන්‍ය ජනතාව අතර හිඳිමින් දේශපාලනය කළ පාලිත තෙවරප්පෙරුම මහතා තරමක් ආවේගශීලී චරිතයක් වුවත් ජනතාවට දුකේදී පිහිටවුණු හිත හොඳ මිනිහෙක් වශයෙන් සැලකෙන අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...