මගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කරන්න එපා – ඇමති ශාන්ත බණ්ඩාර හඬාවැටෙයි (VIDEO)

0
1757

පසුගිය සතියේ රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට පෙරේදා (14) දිනයේදී ප්‍රදේශවාසී ජනතාව විරෝධතාවක් පවත්වා තිබිණි.

මේ සම්බන්ධයෙන් ඊයේ (15) මාධ්‍ය හමුවක් පැවැත්වූ ඒ මහතා තම නිවස ඉදිරිපිට උද්ඝෝෂණය නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලමින් මාධ්‍ය ඉදිරියෙහි හඬා වැටුණේය.

තමන්ට කුඩා දියණියක් සිටින බව පැවසූ ඒ මහතා ඒ දියණිය එම උද්ඝෝෂණය පැවති දවසේම ආහාරයක්වත් නොගත් බව කියමිනුයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ හඬා වැටුණේ.

ප්‍රදේශවාසීන්ට ප්‍රශ්නයක් ඇත්නම් තම නිවස ඉදිරිපිටට නොපැමිණ වෙනත් තැනකට එන්නැයි තමන්ට දැනුම් දෙන්නේ නම් තමන් අනිවාර්යයෙන්ම එම ස්ථානයට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here