තන්හා පොදි ගසා ගයා ඉෂාක් ආණ්ඩුවට මතක් කිරීමක් කරයි

Date:

ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණි ගායන ශිල්පී ඉෂාක් බෙග් කලක පටන් මෙවැනි දෙයක් සිඳුවනු ඇතැයි තමා විශ්වාසයෙන් සිටිය බව පවසමින් ආණ්ඩුවේ බලලෝභි ප්‍රතිපත්තිය හෙළා දකිමින් මිනිසිමයි වෙ දෙවියන් වන්නේ ගීතයේ එන තන්හා පොදි ගසා තව කෙනෙකුන් නසා යන පද කිහිපය ද තාලයට ගායනා කර පෙන්විය.

මෙම ගීතය ඇතුළත් වන්නේ සිරි පතුල චිත්‍රපටයේය.එය ගායනා කරන්නේ මුස්ලිම් ජාතික මොහිදින් බෙග් වන අතර කරුණාරත්න අබේසේකරගේ පද රචනයට සංගීතය නිර්මාණය කළේ ද්‍රවිඩ ජාතික කේ රොක්සාමි ය.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරණු ලැබුවේද කේ වෙන්කට් නම් ද්‍රවිඩ අධ්‍යක්ෂවරයා ය.ශ්‍රී ලංකාව හා සබැඳි කරුණාන්විත සංස්කෘතිය ජාතිවාදී දේශපාලන වියරුව සමඟ විනාශ මුඛයට යන බව පෙන්වීමට හොඳම උදාහරණයක් වන්නේ කේ.වෙන්කට් 83 ජූලි කළබලවදී පානදුරේදී සිංහල ජාතිවාදී විසින් ගිණිතබා සය වාහනයත් සමඟම ඝාතනය කිරීමය.

වෙන්කට් සිරිපතුල ගැනත් මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ගීතය ගැනත් පවසමින් සිය අනන්‍යතාවය හෙළි කළ ද,අසංස්කෘතික ජාතිවාදීන් විසින් මේ සංස්කෘතික මිනිසා පාරේම අළු ගොඩක් බවට පත් කළේය.අද ගෝඨාගෝගම විරෝධයේ එක් සටන් පාඨයක් වි ඇත්තේ මේ දේශපාලනය විසින් මතු කරන ලද කුරිරු ජාතිවාදි ආගම්වාදි දේශපාලන වියරුව පරාජයට පත් කිරීමය.ඒ කුරිරු බවෙන් තොර සුන්දරත්වයේ පහස විඳින පොළවක් බවට පත් වි තිබෙන ගෝඨාගෝගම සිට ඉෂාක් සිරිපතුල චිත්‍රපටයේ ගීතය මතක් කරද්දි අපේ නොබිඳි සංස්කෘතික සශ්‍රිකත්වයේ ඉතිහාසයත්,එය විනාශ කළ ජාතිවාදයත් නිරන්තරයෙන්ම හදවතට දැනෙයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...