ජීවිතක්ෂයට පත්වූ යුක්රේන හමුදා භටයින් සංඛ්‍යාව 2,500 – 3,000: ජනපති සෙලෙන්ස්කි

Date:

යුක්රේනයේ මතුව ඇති යුධමය තත්ත්වය තුළ මරණයට පත්වූ යුක්රේන හමුදා භටයින් සංඛ්‍යාව 2,500 – 3,000 අතර ප්‍රමාණයක් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව දස දහසක් පමණ බව බව එරට ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතා පවසයි.

ඊයේ දින තුළ කිසිඳු සිවිල් පුරවැසියකු ජීවිතක්ෂයට පත්ව නැති බව ඔහු සීඑන්එන් පුවත් සේවයට පවසා ඇත.

අද (16) දින පවා යුක්රේන අගනුවර වන කිව් නගරයේ, ල්විව් නගරයේ උතුරු හා බටහිර කලාප වල පිපිරුම් ශබ්ද ඇසුණු අතර, මරණ කිසිවක් වාර්තා වී නැත.

කිව් නගරාධිපතිවරයා ප්‍රකාශ කරේ පිපිරුම් හටගත් ස්ථාන වලට ගැලවුම් කණ්ඩායම් හා වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ අතර, ලුහාන්ස්ක් නගරයේ නැගෙනහිර කලාපයට එල්ල වූ ප්‍රහාර වලින් වලින් එක් පුද්ගලයකු ජීවිතක‍්ෂයට පත්ව තිදෙනෙකු තුවාල ලබා ඇති බව ආණ්ඩුකාර සෙර්හි ගායිදායි ප්‍රකාශ කළේය. 

මධ්‍යම යුක්රේනයේ පොල්ටාවා කලාපයේ පොල්ටාවා නගරයට යාබද කුඩා ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව කලාප ආණ්ඩුකාර දිමිත්‍රො ලුනින් ප්‍රකාශ කළේය.

තව ද ලයිසයිචැන්ස්ක් හා සිවිරොඩෛානෙට්ස්ක් නගර වග ගෑස් නල පද්ධතියකට ඇතුළු දේපළ රැසකට අලාභ හානි සිදුව ඇති බව ද සඳහන්.

එමෙන්ම, දිවි ගලවා ගත් පුද්ගලයන් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.

යුක්රේනයේ ගිනිකොනදිග වරාය නගරය වන මරියුපොල් අත්පත් කර ගැනීමට රුසියාව විසින් දියත් කර ඇති මෙහෙයුම බිඳ දැමීමට යුක්රේන හමුදා දැඩි පරිශ්‍රමයක් දරන අතර, මෙමඟින් කලාපයේ යුධමය තත්ත්වය වඩාත් තීව්‍ර වී තිබේ. 

මරියුපොල් නගරයේ ඉතිරිව ඇත්තේ සුන්බුන් පමණක් වන අතර, එමඟින් සිවිල් වැසියන් 400,000 කගේ පමණ නිවාස අහිමි වී තිබේ. එමෙන්ම, පුද්ගලයන් දහස් ගණනින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දස දහස් ගණනින් අවතැන්ව සිරවී සිටින බව වාර්තා වේ.

යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍යප්‍රකාශක ඔලෙක්සැන්ඩර් මොටුසියානික් පවසා සිටියේ මරියුපොල් හි තත්ත්වය අතිශයින් දුෂ්කර බවත්, රුසියාවට එරෙහිව කලාපයේ සටන් දිගටම සිදුවෙමින් තිබෙන බවත් ය.

කෙසේවෙතත්, රුසියාව එය සම්පූර්ණයෙන්ම අත්පත්කරගෙන නොමැති බව ද හෙතෙම පැවසීය. 

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...