*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

අරගලය ජාතිවාදීන්ගෙන් ප්‍රවේසම් කරගමු ! – රැඩිකල් සෙන්ටර්

ජන අරගලය දවසින් දවස දස දහස් ගණන් මිනිසුන්ගේ සහභාගිත්වයෙන් පෙරට ඇදෙමින් තිබේ.

පසුගිය දිනවල සිදුවීම් සමීපව නිරීක්ෂණය කළ  රැඩිකල් සෙන්ටර් මේ මොහොතේ අවධාරණය කරන්නේ , ජන අරගලය  පොඩිපට්ටම් කර දැමීම සඳහා, ආණ්ඩුව සිය සුපුරුදු  ජාතිවාදී කල්ලි කණ්ඩායම්  උසිගන්වමින් සිටින බවයි.

එබැවින් අරගලය ජාතිවාදයෙන් පරිස්සම් කරගත යුතු බව අපි  තරයේ  අවධාරණය කරමු.

 මේ වගේ කාලයක එය කිහිප වතාවක් පැවසුවත් වැඩි නැති බව අපේ අදහසයි.

මිට දින කිහිපයකට පෙරදී ‘වොයිස්කට්’ හිමිවරුන් කිහිපනමක් සහ ලුම්පන් කට්ටඩියන් කිහිපදෙනෙකු  විසින් සංවිධානය කර තිබු පාගමන අපට මතකය.

සමාජ මාධ්‍ය මෙන්ම , විශ්වාසවන්ත ආරංචි මාර්ග අනාවරණය කර තිබූ ආකාරයට එකී පාගමනේ උත්සාහය, ජනාධිපති කාර්‍යාලය අසල පැවති පොදුජන අරගලය වෙත කඩාවැදී     ගැටුමක් ඇතිකර ගැනීම  ය. ඒ හරහා පොදුජන අරගලය මර්දනය කරවීමට පහසුකම් සැපයීමය. එහෙත්  ජනතා විරෝධය හමුවේ එය  හහකුළා ගන්නට එහි සංවිධායකයන් ට සිදුවිය.

එකී ජාතිවාදී මෙහෙයුම  අසාර්ථකවීමෙන් පසුව, කුප්‍රකට බොදුබල සේනා සංවිධානය නියෝජනය කරන, ” එක රරටක් එක නීතියක් ” ජනාධිපති කාර්ය සාධක බලකා නියෝජිතයින් කිහිප දෙනෙකු වෙත , එම කොන්ත්‍රාත්තුව භාරදී ඇති බවක් පෙන්නුම් කරයි.

ඊයේ , එනම් අප්‍රේල් 13 එම සංවිධානය නිකුත්කර තිබූ නිවේදනය ඊට පැහැදිලි සාක්ෂි සපයයි.

අදාළ නිවේදනය නිකුත්කරමින් බොදුබල සේනාව පවසන්නේ ,
මේ වනවිට අරගලය මුවාවෙන් “ඉස්ලාම් අන්තවාදය” සාධාරණීකරණය” කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව යි.

ගෑස්, තෙල්, කිරිපිටි හිඟය සහ බඩුමිල අඛණ්ඩව ඉහළ යැවීම පමණක් නොව හොරකම, දූෂණය, වංචාව ඉහවහාගිය  වටපිටාවක, ඊට එරෙහිව තරුණ තරුණියන් එක්ව ගොඩනැගූ අවිහිංසාවාදී විරෝධතා අරගලය සම්බන්ධයෙන් අපකීර්තිමත් බොදුබල සේනා සංවිධානය , “මෙම අරගලය ජාතිවාදී සහ අන්තවාදී” යැයි නාමකරණය කිරීමට දරනු ලබන නිර්ලජ්ජිත උත්සාහය, රැඩිකල් සෙන්ටර් අප, දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

ආගමේ, ජාතියේ නාමයෙන් මෙරට සමස්ත ජනතාවම මුලාවට පත්කොට රාජපක්ෂවරුන්ට බලය ලබාගැනීම සඳහා බුදු සසුන අවභාවිත කළ චීවරධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය ද අද රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණයට ඍජුවම හේතු වූ බව රහසක් නොවේ.

 ඒ සඳහා අපකීර්තිමත් බොදු බල සේනා සංවිධානය ද සැලකිය යුතු කාර්යයක් ඉටුකළ බවත් සිංහල බෞද්ධ අන්තවාදය සමාජය තුළ ප්‍රචාරය කිරීමේ ප්‍රමුඛ අන්තවාදී සංවිධානයක් බවද රහසක් නොවේ.

බොදුබල සේනා සංවිධානය යනු, පාස්කු ජනාධිපති කොමිසම විසින් තහනම් කිරීමට නිර්දේශ කළ අපකීර්තිමත් සංවිධානයකි. එවැනි සංවිධානයක්, තරුණ පොදුජන අරගලයට,  ජාතිවාදී අන්තවාදී චෝදනා කිරීම සිය සැබෑ ස්වාමියා වෙනුවෙන් ඔවුන්ගේ සේවය සැපයීමට වඩා වැඩි දෙයක් නොවේ.

අපිට අනුව නම් මේ සිදුව ඇත්තේ ,
බොදු බල සේනා නිවේදනය ලෙසින්, බලලා මල්ලෙන් එලියට පැනීමකි. එනම් , යලි ජාතිවාදය අවුස්සා ආණ්ඩුව රැකගැනීමේ වැඩසටහනකි.

එබැවින් ජාතිවාදී බලවේගයන්ගේ අරමුණු ඉටුකර නොදීම සියලු ජාතීන්ගේ එකතුවක් අපේක්ෂාකරන වත්මන් තරුණ පරපුරේ වගකීම වනු ඇති බව ‘රැඩිකල් සෙන්ටර්’ අවධාරණය වෙයි.

අරගලය ජාතිවාදීන්ගෙන් ප්‍රවේසම් කරගමු !

රැඩිකල් සෙන්ටර් විධායක කමිටුව වෙනුවෙන්
සී.එස්. කොඩිකාරසංජය ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan