*
Wednesday, April 16, 2025
spot_img

Latest Posts

ජෙන්කින්ස් ලක්මව රජත වර්ණයෙන් සරසයි

නිශ්මං රණසිංහ අප්‍රේල් 16 කොළඹ LNW :

සවුදි අරාබියේ පැවත්වෙන හයවන ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ දී තුන් පිම්ම ඉසව්වට සහභාගි වූ ජනිත් ලක්ෂාන් ජෙන්කින්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා.මීටර් 15.10 ක් වූ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය විඳහා දැක් වූ ජෙන්කින්ස් ප්‍රථම සහ තෙවන වූ චීන ක්‍රීඩකයින්ට මැදිව රිදී පදක්කමට හිමිකම් කියන්නට සමත් වුණා.


මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලීය සිසුවෙකු වන ඔහු මේ තරගාවලියට එක්ව සිටින පුහුණුකරු නුවන් ඇටිපොළ යටතේ පුහුණුව ලබනවා. තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ හංසන ජයසිංහ මීටර් 14.55 ක දක්ෂතාවයක් දැක් වූ අතර ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය වන්නේ මීටර් 14.92 කි.


මීටර් 400 තරගයේ අවසාන පූර්ව වටයට පිවිස සිටි ශ්‍රී ලංකාවේ ශානුක කොස්තා සහ මධුවන්ත බෝගොඩ අතරින් අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ මධුවන්ත බෝගොඩ පමණයි.ඔහු තමන් සහභාගි වූ අවසාන පූර්ව තරගයේ දී සිව්වැනියා ලෙස තරගය නිමා කරමින් තත්පර 49.50 ක කාලයක් වාර්තා කර අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.


කාන්තා මීටර් 100 තරගයේදි තමන් සහභාගි වූ මූලික තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට ධනංජනා ප්‍රනාන්දු සමත් වුණා.ඇය තත්පර 11.91 දක්ෂතාවයක් දැක් වූ අතර ඇය අවසන් තරගයේ දී පදක්කම් අතරට ඒමට විශාල ඉඩක් තිබෙනවා.


මීටර් 100 පිරිමි තරගය සඳහා තරග වැදුණ සඳරුවන් සිල්වා සහ ඉමේෂ් සිල්වා යන දෙදෙනාම අවසාන පූර්ව වටයට සුදුසුකම් වාර්තා කළ කාලයන් අනුව සුදුසුකම් ලබා ගත්තා.
මේ තරගවල කාලය විමසා බැලීමේදී සුළඟට එදිරිව ධාවනයේ යෙදීමට සිඳු වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.ක්‍රීඩා පිටියෙන් පිටත ද දැඩි දූවිල්ල සමඟ එන සුළඟක බලපෑම් දකින්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.මේ තත්ත්වය සමඟ ධාවන ඉසව්වලදී මෙන්ම පැනීම් ඉසව්වලදිද දුෂ්කරතාවලට මුහුණ දෙන්නට තරගාවලියට සහභාගි වී සිටින සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිඳු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan