New Year in Paradise 2023: විදේශීය සංචාරකයින්ටත් අවුරුදු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් “New Year in Paradise 2023” උණවටුන මුහුදු තීරයේදී පැවැත්වුණි.

මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙන”New Year in Paradise 2023″ අලුත් අවුරුදු උත්සවය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදී ඊයේ (15) උදෑසන ආරම්භ වූ අතර අලුත් අවුරුද්ද හා බැදුන සංස්කෘති අංග රැසකින් අලුත් අවුරුදු උත්සවය අළංකාරවත්වී තිබූ අතර විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන් කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය, සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබුණි.

විදේශිකයින් සදහා කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගහ නැගීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි තරග රැසක් සංවිධානය කර තිබූ අතර දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතිකාංගද මෙහි සංවිධානය කර තිබූ අතර , මෙරට සංචාරයේ යෙදෙන කුඩා දරුවන් සදහා වෙරළේ වැලි මාලිගා සකස් කිරීමේ තරගයක්ද සංවිධානය කර තිබිණි.

දේශීය ආහාර සකස් කිරීම පිළිබද සජීවී අත්දැකීම් සංචාරකයින්ට ලබාදීම සදහා දේශීය කැවිළි සහිත ගැමි මුළුතැන්ගෙයක්ද අලුත් අවුරුදු උත්සවය සදහා එක් කර තිබූ අතර විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදීම සදහා සංවිධානය කළ මෙම අලුත් අවුරුදු උත්සවයට සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනුග්‍රහය දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...