*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද ?

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී ඇත්තේ නැවත සාකච්ඡා ආරම්භ කරන දිනයක් පිළිබඳව එකඟතාවයක් නැතිවයි. ඒ අනුව, මෙම කටයුත්ත ඉක්මණින් අවසන් වීමේ ඉඩක් මේ මොහොතේ පෙනෙන්නට නැහැ.

මේ තත්ත්වය සාකච්ඡා බිඳ වැටීමක් සේ සැලකිය නොහැකි වුවත් ණයහිමියන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමක් සේ හඳුනා ගත හැකියි. ඒ අනුව, ශ්‍රී ලංකා රජයට මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා තව දුරටත් නම්‍යශීලී වීමට සිදු වෙනවා. මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, පසුගිය සති තුනකට වැඩි කාලය තුළ එක දිගටම පහළ ගිය ඩොලරයක මිල එහි ප්‍රවණතාව වෙනස් කර තිබෙන නමුත් කරුණු විමසා බලන විට ඒ තරම්ම කලබල වෙන්නට තරම් හේතු පෙනෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන අයට ඒ සඳහා අයදුම් කිරීමට පසුගිය අප්‍රේල් 10 දින දක්වා කාලය ලබා දී තිබුණා. ඔවුන්ගේ විමසීම් වලට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කර තිබුනේ ඔවුන්ට පත් වීම් ලැබුණු වහාම “වැඩ පටන් ගන්නට” සිදු වනු ඇති බවයි. මේ අනුව පෙනී යන්නේ පැවති සාකච්ඡා සාර්ථක ලෙස අවසන් වනු ඇති බව ශ්‍රී ලංකා රජය විසින් විශ්වාස කළ බවයි.

පසුගිය සති කිහිපය තුළ රහසිගතව සිදු වූ සාකච්ඡා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එයින් පෙනී යන්නේ එම සාකච්ඡා ඉලක්ක කළ කාල රාමුව තුළ සාර්ථක ලෙස අවසන් නොවීම නිසා ඇති වූ ඉච්ඡා භංගත්වය විය හැකිවාක් මෙන්ම මෙම ක්‍රියාවලියේ අවසානය කිට්ටුවටම දැනටමත් පැමිණ අවසන් නිසා තවත් හංගන්නට දෙයක් නොමැති වීමද විය හැකියි.

සාකච්ඡා වල ප්‍රගතිය ඇණහිට ඇති බවක් මතුපිටින් පෙනුණත්, ණයහිමියන් සමඟ මේ වන විට සෑහෙන මට්ටමක එකඟතාවයක් ඇති කර ගෙන තිබෙන බැවින් මෙම ක්‍රියාවලියේ අනාගතය පිළිබඳව ඕනෑවට වඩා කනස්සළු විය යුතු නැහැ. එමෙන්ම, ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ සිදු කෙරෙන සාකච්ඡාද මේ වන විට අවසන් අදියර ආසන්නයට පැමිණ තිබෙනවා.

මෙම සාකච්ඡා පැවතුණේ ප්‍රධාන ණයහිමියන් දහ දෙනෙකුගේ කමිටුවක සාමාජිකයින් නව දෙනෙකු සමඟයි. ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 50%කට වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ මෙම දහ දෙනා සතුව බැවින් සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම ඉතාම වැදගත්. ඔවුන් අතරින්ද එක් අයෙකු සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර නොමැති බව පෙනී යනවා.

මෙහිදී සිදුව ඇති දේ පහත පරිදි සාරාංශගත කළ හැකියි.

  • 2024 මාර්තු 27 හා 28 දින වල පැවති සාකච්ඡා වලට පෙර ණයහිමියන් (ඉහත ණයහිමියන් නව දෙනා) විසින් 2024 මාර්තු 11 දින ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා.
  • ශ්‍රී ලංකාව විසින්ද 2024 මාර්තු 25 දින තමන්ගේ යෝජනා ණයහිමියන් වෙත ලබා දී ඇති අතර ණයහිමියන් විසින් එම යෝජනා එක හෙළාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
  • මේ අනුව, සාකච්ඡා පාදක කර ගෙන තිබෙන්නේ ණයහිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනා මතයි.

ඉහත තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ යෝජනා (මේ වන විට ප්‍රසිද්ධ කර ඇතත්) පිළිබඳව විස්තර කතා කිරීමේ තේරුමක් නැති නිසා ණයහිමියන්ගේ මාර්තු යෝජනා සාරාංශගත කළහොත් එම යෝජනා වල මූලික කරුණු මෙසේයි.

  • මුහුණත අගයෙන් 20%ක් කප්පාදු කෙරෙන අතර හිඟ පොලී කප්පාදු කිරීමක් කෙරෙන්නේ නැහැ.
  • හිඟ පොලී බැඳුම්කර වලට පරිවර්තනය කර 2024-2028 අතර ගෙවා අවසන් කෙරෙන අතර එම කාලය තුළ 4%ක කූපන් පොලියක් ගෙවිය යුතුයි.
  • මුහුණත අගය ආපසු ගෙවිය යුත්තේ 2029-2040 කාලය තුළයි. මෙම ණය වෙනුවෙන් 7.00%-8.25% අතර ක්‍රමයෙන් වැඩි වන වාර්ෂික කූපන් පොලියක් ගෙවිය යුතුයි. 2027 දක්වා එසේ ගෙවිය යුතු පොලියෙන් 3%ක් මුදලින් ආපසු ගෙවිය යුතු නැහැ. එම පොලිය පසුව ආපසු ගෙවිය හැකියි. එම කාලය තුළ මුදලින් ගෙවිය යුතු පොලිය 4.00%-4.50%ට සීමා වෙනවා.

මෙම ඉල්ලීම ලංකාවේ පැත්තෙන් අසාධාරණ බව බැලු බැල්මටම කෙනෙකුට කියන්නට පුළුවන්. නමුත්, ණයහිමියන්ගේ තර්කය වන්නේ ඉදිරි වසර වලදී ලංකාවේ ආර්ථිකය IMF පුරෝකථන ඉලක්ක ඉක්මවා වර්ධනය වනු ඇති බවයි. ඔවුන් ඉහත ගෙවීම් ඉල්ලා සිටින්නේ ණය ආපසු ගෙවිය හැකි පරිදි රටේ ආර්ථිකය වර්ධනය වුවහොත් පමණයි. එසේ නොවුවහොත්, ලබා ගන්නා පොලී අනුපාතික අඩු වන අතර මුහුණත අගයද තව දුරටත් කප්පාදු කෙරෙනවා.

දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව ආපසු ගෙවිය යුතු මුහුණත අගය අඩු වෙන්නේ පහත ආකාරයටයි.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3ට වැඩිනම් – 20%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 84.2- 86.3 අතරනම් – 20%කට අමතරව තවත් 11%ක කප්පාදුවක්.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 – 84.2 අතරනම් – 20%කට අමතරව තවත් 19%ක කප්පාදුවක්.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5ට අඩුනම් – 20%කට අමතරව තවත් 36%ක කප්පාදුවක්.

මේ ආකාරයෙන්ම දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව 2028 සිට ගෙවිය යුතු කූපන් පොලී අනුපාතිකයද පහළ යනවා.

ඇමරිකන් ඩොලර් බිලියන 93.9ට වැඩිනම් – 8.2%ක්.

ඇමරිකන් ඩොලර් බිලියන 90.1- 93.9 අතරනම් – 7.3%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3- 90.1 අතරනම් – 6.1%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 – 86.3 අතරනම් – 5.4%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5ට අඩුනම් – 5%ක් පමණයි.

මෙම යෝජනාවෙන් අදහස් වන්නේ සාර්ව-ආර්ථික දර්ශක හා බැඳුනු බැඳුම්කර නිකුත් කිරීමක්. යෝජනාවේ මෙම කොටසෙහි පරාමිතීන් වලට ශ්‍රී ලංකා රජය එකඟ වී නැහැ. එහෙත් ණයහිමියන් විසින් තර්ක කර තිබෙන්නේ මෙම යෝජනාව ඉතාම සාධාරණ බවයි.

පසුව ණයහිමියන් විසින් යහපාලන දර්ශක හා බැඳුනු බැඳුම්කර පිළිබඳ අදහස මතු කර තිබෙන අතර ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් එයට යහපත් ප්‍රතිචාර දැක්වීමෙන් පසුව 2024 අප්‍රේල් 3 දින අදාළ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රායෝගිකව මෙම යෝජනාව මුල් යෝජනාවෙන් වෙනස් වන්නේ එහි පරාමිතීන් වෙනස් වීම මත පමණයි. ආකෘතියෙහි වෙනසක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුනහොත් ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට එකඟ වීමට ඉඩ තිබෙනවා.

බැඳුම්කරහිමියන්ගේ අප්‍රේල් යෝජනා පහත පරිදි සාරාංශගත කළ හැකියි.

දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව ආපසු ගෙවිය යුතු මුහුණත අගය හා 2028-2038 අතර ගෙවිය යුතු කූපන් පොලී අනුපාතික වෙනස් වෙන්නේ පහත ආකාරයටයි. මෙම යෝජනාව අනුව 2038 වන විට සියලු ණය ගෙවා අවසන් කෙරෙනවා.

ඇමරිකන් ඩොලර් බිලියන 96.3 නම් – 7.3%ක ණය කප්පාදුවක් සහ 8.5%ක කූපන් පොලියක්.

(ණයහිමියන්ගේ පුරෝකථනය)

ඇමරිකන් ඩොලර් බිලියන 93.9 නම් – 10.2%ක ණය කප්පාදුවක් සහ 8.1%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 90.1 නම් – 13.2%ක ණය කප්පාදුවක් සහ 7.4%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3 නම් – 22.1%ක ණය කප්පාදුවක් සහ 6.8%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 84.2 නම් – 28.0%ක ණය කප්පාදුවක් සහ 6.4%ක කූපන් පොලියක්.

(IMF වැඩසටහනේ පුරෝකථනය)

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 නම් – 41.6%ක ණය කප්පාදුවක් සහ 6.0%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 77.6 නම් – 54.7%ක ණය කප්පාදුවක් සහ 5.8%ක කූපන් පොලියක්.

ණයහිමියන් විසින් ඉදිරිපත් කරන කරුණු ඇත්තටම නිවැරදියි. ප්‍රායෝගිකව බොහෝ විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය IMF ඇස්තමේන්තුව වන ඩොලර් බිලියන 84.2 ඉක්මවීමට සහ ණයහිමියන්ගේ පුරෝකථනය වන ඩොලර් බිලියන 96.3ට ආසන්න වීමට ඉඩකඩ වැඩියි. මේ අයුරින් දදේනි ඉහළ යද්දී එහි ප්‍රතිශතයක් ලෙස ණය සේවාකරණ වියදම පහළ යනවා. ඒ නිසා, ණය තිරසාරත්වය නැති වී ඇතිය යන IMF තර්කය වලංගු නැතිව යනවා.

ඉහත හේතුව නිසා ලංකාවට ණයහිමියන් සමඟ තර්ක කළ හැකි පදනමක් නැහැ. ලංකාව කියන විදිහට සහ IMF ඇස්තමේන්තු අනුව ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 84.2ක් පමණක් වුනොත් 28.0%ක ණය කප්පාදුවකට ඔවුන් කැමතියි. නමුත් ඇත්තටම ලංකාවේ ආර්ථිකය ඊට වඩා විශාල විය හැකි නිසා මේ යෝජනාව අනුව අවසාන වශයෙන් ලංකාවට ලොකු ණය කප්පාදුවක් නොලැබෙන්න ඉඩකඩ වැඩියි.

ඉදිරි මැතිවරණ එක්ක මෙය දේශපාලන ප්‍රශ්නයක් බවටද පත් වෙනවා. සජබ (විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා) කලින්ම මේ යෝජනාවට විරුද්ධව කතා කර තිබුණා. ඇතැම් විට මාලිමාව විසින් වුවද සජබ තර්කය ඉදිරියට අරගෙන යන්න ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයක් හමුවේ සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණයක් පිළිබඳ විශාල විශ්වාසයක් නොමැති පසුබිමක ආණ්ඩුව මේ කටයුත්ත ඉදිරි ආණ්ඩුවකටම කරගන්නට ඉඩ හරියිද?

යහපාලන දර්ශක හා බැඳුනු බැඳුම්කර පිළිබඳ යෝජනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුණහොත් සහ රට තුළ විශාල දේශපාලන ප්‍රතිරෝධයක් ඇති නොවුනහොත් මේ යෝජනාව මාසයක් වැනි කාලයක් ඇතුළත ඉදිරියට යා හැකියි. එහෙත් එයින් අදහස් වන්නේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත අවසන් බව නෙමෙයි. ඇතැම් පාර්ශ්ව තව දුරටත් බැඳුම්කර හුවමාරුවකට එකඟ නොවිය හැකි බැවින් වැඩේ තවත් කාලයක් ඇදෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

අනෙක් අතට ලොකු දේශපාලනික විරෝධයක් මතු වුනොත් ආණ්ඩුව වැඩේ ඉවරයක් කරන්න හදිස්සි නොවී මැතිවරණ අවසන් වන තුරු කල් මරන්න ඉඩ තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan