සියයට හතළිහක වැසි අවදානමක් ද සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද තීරණාත්මක තරගයක

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 17, කොළඹ (LNW): දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන තෙවන එක්දින තරගය අද පැවත්වෙනවා.දකුණු අප්‍රිකාවේ වයඹ දෙට වන්නට පිහිටි පොචෙෆ්ස්ට්රූම් හී පැවත්වෙන මේ තරගය වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවටයි.මේ වන විට පළමු තරගය වර්ෂාව නිසා අතහැර දැමූ අතර දෙවන තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 7 ක ජයක් හිමි වුණා.

මේ තත්ත්වය යටතේ අද තරගය ජය ගැනීමෙන් ශ්‍රී ලංකාවට එක්දින තරගාවලිය සම කර ගැනීමේ හැකියාව තිබෙනවා.එසේ වුවහොත් එක්දින තරගාවලිය සම කර ගැනීමට ලැබෙන අවස්ථාව අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සම්පූර්ණයෙන් ජයග්‍රාහී තරග සංචාරයක් ලෙස නිම කර ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩ ලැබෙනවා.විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීම සහ එක්දින තරගාවලිය සම කර ගැනීම මත සංචාරයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට හිමි කර ගන්නටත් ඉඩ ලැබෙනවා.

අද දවසේ පොචෙෆ්ස්ට්රූම් හි පවතින වර්ෂාව ඇති වීමේ ප්‍රතිශතය සියයට හතළිහක් වීම මෙන්ම එම කාලගුණ අනාවැකිවලින් කියැවෙන් පසුවරුවේ අහස වළාකුළෙන් බරවීම ආදි කාරණා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානයට ලක් විය යුතුයි.කෙසේ හෝ වර්ෂාවේ සියයට 60 ක් නොවසින බවට ඇති තර්කය මත පදනම්ව සහ අහස සම්බන්ධයෙන් දී ඇති අනාවැකිය ද අවධානය යොමු කර ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ දී කටයුතු කරනු ඇති.එසේම මේ තත්ත්වය සම්බන්ධයෙන් ලැබී තිබෙන පුරෝකතන අනුව බොහෝ විට කාසියේ වාසිය චමරි අතපත්තුට හිමිවීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...