*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

(VIDEO):සා/පෙ විභාගය මැයි 06 ඇරඹේ – විභාග අපේක්ෂකයින්ට සියලුම උපදෙස් මෙන්න!

කොළඹ LNW:2023 වසරට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 06 වැනිදා නියමිත අතර ඊට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර බෙදා හැරීම අද (17) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය ඇතුළු පෙර සූදානම් කටයුතු මේ දින වල සිදුකෙරෙන බවයි ජයසුන්දර මහතා පවසන්නේ.

පෞද්ගලික අපේක්ෂකයින් සඳහා එළඹෙන 20 වැනි දින එම විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකරන බවද ඔහු සඳහන් කරයි.

විභාග ප්‍රවේශ පත්‍ර ලැබුණු සැණින් ඒවා පරික්ෂා කර බලා සංශෝධන ඇත්නම් ඒවා සිදුකරගන්නා ලෙසයි ජයසුන්දර මහතා අවධාරණය කරන්නේ.

සංශෝධන කටයුතු සඳහා එළබෙන 23 වැනිදා එම පද්ධතිය විවෘත කරන අතර 29 වැනිදා දක්වා එය ක්‍රියාත්මකව පවතියි.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධන විදුහල්පතිවරු හරහාම සිදුකළ යුතු වෙයි.

සංශෝධන ඇත්නම් ඒවා විභාගය පෙර අනිවාර්යයෙන් නිවැරදි කර ගත යුතු වන අතර ඉතා තදින් විභාග අධීක්ෂණ කටයුතු සිදුකරන බවයි ජයසුන්දර මහතා පවසන්නේ.

වැලි කඩ බන්ධනාගාරයේ මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේත් විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහාද රත්මලාන සහ තංගල්ල විභාග මධ්‍යස්ථාන දෙකක්ද ක්‍රියාත්මකයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan