ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 11,000ක්…

Date:

ඇමරිකානු ඩොලර් බිලියන 1ක සහනදායි ඉන්දීය ණය ආධාරය යටතේ ශ්‍රී ලංකාවට සැපයෙන සහල් මෙට්‍රික් ටොන් 11,000ක තොගයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී. අද දින භාර දුන් මෙම තොගයට අමතරව මෙම ණය ආධාරය යටතේ පසුගිය දින කිහිපයේ දී සහල් මෙට්‍රික් ටොන් 5,000ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. මේ අනුව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 16,000ක් මේ වන විට ශ්‍රී ලංකාවට සපයා ඇත.

2.       ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකම සඳහා වන ගිවිසුම 2022 මාර්තු 17 වන දින ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රාජ්‍ය බැංකුව අතර අත්සන් තැබිණ. ගිවිසුම අත්සන් කර මාසයකටත් වඩා අඩු කාලයකදී සහල් සැපයුම ආරම්භ කරන ලදී. නිසි කලට ඉන්ධන සහ වෙනත් ආකාරයේ ආර්ථික සහ විදේශ විනිමය සහය යනාදිය ඇතුළත්ව පසුගිය මාස කිහිපයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් බහු ආංශික සහයෝගීතාවය යටතේ මෙම සහල් තොග ශ්‍රී ලංකාවට සැපයේ.

3.       ශ්‍රී ලංකාවේ බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම ස‍‍‍ඳහා ඉන්දියාව විසින් ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින් එකඟ වූ අවබෝධතාවයන් අනුව සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට පෙර කඩිනමින් මෙම සහල් සපයන ලදී. පසුගිය මාසයේදී ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් සිදු කළ සාර්ථක ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම සහල් සපයන ලද අතර එම සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය අවධාරණය කරන ලදී.

***

කොළඹ

2022 අප්‍රේල් 12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...