නව කැබිනට්ටුවේත් ජොනීට ඇමතිකමක්. ප්‍රසන්න, බන්දුල, මහින්දානන්ද ඇමතිකම් එපා කියයි !

Date:

අලුතින් දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයේත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය ධුර 15කට සීමා කිරීමට මුලින් යෝජනා වී තිබුණු නව කැබිනට් මණ්ඩලය මේ වනවිට 22ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු ඇමතිවරුන් නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා විය.

එමෙන්ම ජීවන් තොණ්ඩමන් මහතාට ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබාදීමට රජය සූදානම් වුවත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර අමාත්‍ය ධුර භාර නොගන්නා නමුත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීමට ද ඔහු පොරොන්දු වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...