මහින්ද ඉවත්වෙනවා නම් අපි ආපහු එන්න සූදානම් – විමල්ලා ජනපතිට කියයි !!

Date:

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින මන්ත්‍රී කණ්ඩායම නැවත ආණ්ඩුවට එකතුවීමට සූදානම් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමේ මෙම පණිවිඩය ඊයේ (16) දිනයේදී ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර ඊයේ දිනයේදීම ජනාධිපතිවරයා ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ද දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා වරක් පවසා තිබුණේ විමල් වීරවංශ යනු තමන්ට තම පවුලේම වැඩිමහල් සහෝදරයා වැනි බවයි. දැන් ඒ වැඩිමහල් සහෝදරයාම පොහොට්ටු කඳවුරේම “අප්පච්චී” ලෙස හැඳින්වෙන මහින්ද රාජපක්ෂ මහතාව ඉවත් කරන ලෙස බලපෑම් කිරීම දෛවෝපගත සිදුවීමකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...