ගෝල්ෆේස් විරෝධතා වලට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ද සහාය – අඟහරුවාදා වැඩවර්ජනයක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා වත්මන් රජයට විරෝධය පළකරමින් ගාලුමුවදොර පිටියේ හා දිවයින පුරා පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයන්ට සහාය පළකිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව, එළඹෙන අඟහරුවාදා (19) දින එක්-දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැනුම් දෙයි.

මෙම එක්-දින සංකේත වැඩවර්ජනය දිවයින පුරා රජයේ විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක වන බවයි එම සංගමය පවසන්නේ.

මීට අමතරව, එදිනම කොළඹ විශ්ව විද්‍යාලයේ සිට ගාලුමුවදොර දක්වා විරෝධතා පාගමනක් ක්‍රියාත්මක කිරීමට ද එම සංගමය සැලසුම් කරමින් සිටී.

එම පාගමන අඟහරුවාද (19) දින ප.ව. 01 ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර, රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යයන කටයුතු කඩිනමින් හා පූර්ණ ධාරිතාවයකින් යුතුව නැවත ආරම්භ කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටී.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...