දෝශයකට ලක්වී තිබූ ශ්‍රීලංකන් ගුවන් යානය දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ගුවන් තොටුපොළේදී පසුගිය 15 වැනිදා කාර්මික දෝශයකට ලක්වී තිබූ ශ්‍රීලංකන් ගුවන් යානය අද (17)උදෑසන 7.40ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අතර , යානය තුළ සිටින මගීන් සංඛ්‍යාව 218ක් වන අතර කාර්ය මණ්ඩලය සමාජිකයින් සංඛ්‍යාව 17 කි .

ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්. 605 දරන ගුවන් යානය පසුගිය 15 වැනිදා රාත්‍රී 10.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබුණු අතර , එහි හටගත් කාර්මික දෝශය හේතුවෙන් ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් පසුගිය 15 දින රාත්‍රී ඕස්ට්‍රේලියාව වෙත පිටත්ව ගියේ ය.

කටුනායක ගුවන් තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව ගුවන් යානය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...